(මනෝප‍්‍රිය ගුණසේකර)
ව්‍යාජ ඔප්පුවක් මගින් අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ චෝදනාවන්ට වරදකරුවන් වු කාන්තාවන් දෙදෙනෙකුට වසර 15 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම නඩු විභාගයේ දී විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුවකුට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.
විත්තිකාර කාන්තාවන් දෙදෙනාට නියම කළ සිරදඬුවම් වලට අමතරව රුපියල් ලක්‍ෂ 5 බැගින් දඩ නියම කළ විනිසුරුවරයා විත්තිකාර කාන්තාවන් දෙදෙනා බේරා ගැනීමේ අරමුණින් බොරු සාක්කි දුන් පැමිණිල්ලේ සාක්කිකරුට රුපියල් 2,000/- දඩයක් නියම කළේය.
රාජගිරිය ප‍්‍රදේශයේ ඉඩමක් පිහිටි අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ අරමුණින් මීට වසර 12කට ඉහතදී විත්තිකරුවන් ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී විත්තිකරුවන් බේරා ගැනීමේ අරමුණින් පැමිණිල්ලේ සාක්කිකරු බොරු සාක්කි දී ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකාරියන්ට හා පැමිණිල්ලේ සාක්කිකරුට මෙලෙස දඬුවම් නියම කළේය.
අන්සතු ඉඩමක් හිමිකර ගැනීමේ අරමුණින් ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකාරියන් වු රාජගිරිය ප‍්‍රදේශයේ වටවලගේ යසවතී සහ පතිරගේ චන්ද්‍රලතා නමැත්තියන්ට ද බොරු සාක්කි දීමේ චෝදනාවන්ට වරදකරු වු සිනිල් සුමනවංශ අමරතුංග නමැත්තාටද මෙලෙස දඬුවම් නියම විය.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසළ තේ අලෙවි කළ අයෙක් අත්අඩංගුවට