(කේ බුද්ධික කුමාරසිරි )
මාලබේ පිට්ටුගල ප්‍රදේශයේදී කඩුවෙල මහ නගර සභාවට අයත් කසල රැගෙන යන ට්‍රැක්ටර් රථයක පසුපස රෝදයකට යතුරුපැදිකරුවෙකු යටවීමෙන් අද (19) සවස සිදුවූ අනතුරින් යතුරුපැදිකරු වන යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු එම ස්ථානයේදී මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
කඩුවෙල මහ නගර සභාවට අයත් කසල රැගෙන යන රථය මාලබේ දෙස සිට කඩුවෙල දෙසට ධාවනය වෙමින් තිබියදී එම දෙසටම ගමන් ගත් අනතුරට සම්බන්ධ යතුරුපැදිය ට්‍රැක්ටර් රථයට වම් පසින් ඉස්සර කිරීමට යාමේදී එම රථයෙහි ගැටී ඇද වැටීමත් සමග යතුරු පැදිකරු ට්‍රැක්ටර් රථයෙහි පසුපස රෝදයට යට වන ආකාරය අසළ වෙළඳසලක ආරක්ෂක කැමරාවක සටහන්ව ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කොස්ගම අකරවිට ප්‍රදේහයේ පදිංචිකරුවකු වන යුද හමුදා තූර්ය වාදක කණ්ඩායමේ සාමාජිකයෙකු ද වන 43 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයාගේ දේහය මුල්ලේරියාව ප්‍රාදේශීය රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති ඇත.
2025 නොවැම්බර් මස 17
8
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
858
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2492
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කසළ ට්‍රැක්ටරයක රෝදයට හසු වී යතුරුපැදිකරු මරුට