IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කසල තේ ලොරියක් ප්‍රපාතයකට පෙරැළෙයි

(රංජිත් රාජපක්ෂ)                        

පිළිමතලාවේ සිට ආගරපතන ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවකට කසල තේ ප්‍රවහනය කරමින් තිබු ලොරි රථයක් පෙරැළි ලොරි රථයේ ගමන් ගත් රිය සහයකයා සහ යතුරුපැදිකරු තුවාල  ලබා  ලිදුල රෝහල වෙත ඇතුලත් කර ඇති බව ලිදුල පොලිසිය පැවසීය.
 
ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු යතුරුපැදියකට ඉඩ ලබාදීමට  යාමේදී ලොරි රථය අඩි 75 පමණ ප්‍රපාතයකට පෙරළී ඇතැයි පොලීසිය කියයි.
 
අද (05) මෙම අනතුර සිදු වි ඇත්තේ තලවකැලේ ඩයගම ප්‍රධාන මාර්ගයේ ලිදුල නාගසේන අග්‍රකන්ද කැල්ඩොනියා ප්‍රදේශයේදිය.
 
ලොරි රථය පෙරලෙන අවස්තාවේ ලොරි රථයේ රියදුරා ඉන් ඉවතට පැන දිවි බේරාගෙන ඇති අතර යතුරුපැදිකරුටද යතුරුපැදියේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මාර්ගයේ අභියස කන්දක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
 
තුවාල ලැබූ  රිය සහයකයා සහ යතුරුපැදිකරු ලිදුල රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු වැඩි දුර ප්‍රතිකාර සහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇත.



අදහස් (0)

කසල තේ ලොරියක් ප්‍රපාතයකට පෙරැළෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 17 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 600 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site