(රංජිත් රාජපක්ෂ)
හැටන් දුම්රිය ස්ථානයේ සිට මහනුවර දුම්රිය ස්ථානය දක්වා දුම්රියෙන් කසල තේ තොගයක් ප්‍රවහනය කිරීම සඳහා හැටන් දුම්රිය ස්ථානයට බාර දී තිබූ කසල තේ තොගයක් සැකකරුවෙකු සමඟ අද (08) මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කලස තේ කිලෝ 503 ක් පොලිතීන් උර 18 ක අසුරා ප්‍රවහනය කිරීම සඳහා හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශය වෙත බාර දි තිබේ.
මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙම කසල තේ තොගය අද රාත්‍රී භාණ්ඩ ප්‍රවාහන දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට හැටන් දුම්රිය ස්ථානයේ පාර්සල් අංශය වෙත බාර දී තිබියදී විශේෂ කාර්යය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් ඔහු කාලයක සිට කසල තේ මෙවැනි ආකාරයට ප්‍රවාහනය කර ඇති බවත් තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු සහ කසල තේ තොගය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා හැටන් පොලිසිය වෙත බාර දී තිබේ.



2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසල තේ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට