IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාසල්රී - මාවුස්සාකැලේ ජල මට්ටම පහළට

( රංජිත් රාජපක්ෂ )                      

                                                   
මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවල මාස කිහිපයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම 30% දක්වා පහළ බැස ඇති බව විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසිය.
 
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 40 දක්වා පහළ බැස ඇති අතර මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ට්ම පිටාර මට්ටමේ සිට අඩි 38 දක්වා පහළ බැස  ඇති බව ද  මේ හේතුවෙන් ඉදිරියේදී විදුලි උත්පාදනයට ගැටළුවක් විය හැකි බවද  විදුලිබල මණ්ඩලය පවසයි.
 
එම ජලාශවලින් ලබා ගන්නා ජලය උපයෝගි කර ගනිමින් කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන , පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලිය උත්පාදනය කරනු ලබයි.
 
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල දැනට පවතින ජල ධාරිතාවෙන් 25% දක්වා විදුලි උත්පාදනයට ජලය ලබාගත හැකි බව විදුලි බල මණ්ඩලය පවසයි.
 
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලින් පානිය ජලය ලබා දිම සදහා කැලණි ගගට ජලය මුදා හැරිමටද ජල ධාරිතාව රඳවා ගත යුතු බවද ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
 
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව පහළ බැසීමත් සමග එම ජලාශ ඉදිකිරිමේදි  යට වු නටඹුන් කිහිපයක් මේ වන විට මතු වි ඇත.

 



අදහස් (0)

කාසල්රී - මාවුස්සාකැලේ ජල මට්ටම පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site