(සමන් පාලිත නානායක්කාර)
කොස්ලන්ද දියගල කන්දේ නාය යාමක් සක්‍රීය වී මඩ සහිත පස් මිශ්‍ර වීමෙන් කොස්ලන්ද ඔයේ ජලය බොර වීමෙන් පවුල් දහසකට අධික පිරිසකට ජලය ලබා දීමේ ගැටලුවක් මතුවී ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසීය.
කොස්ලන්ද නගරයට කිලෝමීටර් 8 ක් පමණ දුරකින් පිහිටි දියගල කන්දේ කොටසක නායයාම සක්‍රීය වී ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ආපදා කළමනාකරණ ඒකකය සහන නිලධාරී වසන්ත කුමාර මහතා පැවසීය.
විටින් විට පස් කඳු කඩා වැටෙමින් තිබෙන මෙම නායයාමට නුදුරින් ගලා එන කොස්ලන්ද ඔයට මඩ සහිත පස් ගලාවිත් මිශ්‍රවීම හේතුවෙන් කොස්ලන්ද ඔය බොහෝ සෙයින් බොරවී තිබේ.
ජල ව්‍යාපෘතියෙන් සහ ඔයෙන් ජලය පරිහරණය කරන දහස් ගණනක ජනතාව මේ වනවිට උග්‍ර ජල ගැටලුවකට මුහුණ දී සිටිති.
කොස්ලන්ද නගරය හා ඒ ආශ්‍රිත මාර්ග දෙපස සිටින ජනතාවට බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසීය.
දියගල කන්ද නායයාම ගම්මානවලට බොහෝ ඈතින් මිනිස් වාසයකින් තොර වූ ප්‍රදේශයක සිදුවන බැවින් කිසිවකුට හානි සිදු වී නොමැත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කොස්ලන්ද දියගල කන්දේ නාය සක්‍රීය වීමක්