IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කැස්බෑවුන් මැරීමේ ජාවාරමක යෙදුන තිදෙනෙකු අත් අඩංගුවට

(පද්මා කුමාරී කංකානම්ගේ )
 
කැස්බෑවුන් මරා සංචාරක නිකේතනයන්ට අලෙවි කිරීමේ  ජාවාරමක යෙදුන පුද්ගලයින් තිදෙනෙකු අද (20) අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 

 
කැස්බෑ මරණ තුනකට අදාළව පුද්ගලයින් තිදෙනෙකු  කල්පිටියේ ඒත්තාල , තිහලිය සහ  ආලංකුඩාව යන ප්‍රදේශවලින්  අත් අඩංගුවට ගෙන තිබේ. 
 
පොලිසියට ලද තොරතුරකට අනුව නිවසක ලිපේ පිසෙමින් තිබූ කැස්බෑ හොද්දක් සමඟ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තිහලිය ප්‍රදේශයේ ශීතකරනයක බහා තිබූ කැස්බෑ මස් කිලෝ දෙකක් සමඟ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.
 
මේ අතර ආන්දන්කන්නිය ප්‍රදේශයේ නිවසක තිබී මරණ ලද කැස්බෑවකුගේ පිට කටුවක් සමඟ එක් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවද කල්පිටිය පොලිසිය පවසයි.



අදහස් (0)

කැස්බෑවුන් මැරීමේ ජාවාරමක යෙදුන තිදෙනෙකු අත් අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site