රොමේෂ් මධුෂංඛ
යාපනය මුහුදේදී කැස්බෑවුන් පස් දෙනෙකු අල්ලා මස් පිණිස විකිණීමට සූදානම්ව සිටි ධීවරයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාල සහකාර අධ්‍යක්ෂක එස්. ශිවකරන් මහතා පවසයි.
අල්ලාගත් කැස්බෑවුන්, ධීවර යාත්‍රාවක දමා විකිණීමට සූදානම් කර තිබියදී එම ධීවර යාත්‍රාවද සමඟ ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇත.
යාපනය ගුරුනගර් ප්‍රදේශයේදී කැස්බෑවුන් තිදෙනෙකු සමඟ ධීවරයින් දෙදෙනෙකු ද, යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේදී කැස්බෑවුන් දෙදෙනකු සමඟ ධීවරයින් දෙදෙනෙකු ද මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කැස්බෑවන් ඇල්ලූ ධීවරයෝ 4ක් අල්ලති