IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොස්ගොඩට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි

සුමතිපාල දීයගහගේ

 

බලපිටිය ජල සම්පාදන යෝජනා ක්‍රමයට අයත් කොස්ගොඩ ජල ටැංකියට කෙරමිණිය ජල පවිත්‍රාගාරයේ සිට ජලය පොම්ප කරන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි ජල කාන්දුවීමක් නිසා අද (18) උදේ 9.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ ජලය බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

මේ නිසා කොස්ගොඩ සිට බෙන්තොට දක්වා ප්‍රදේශවලට මෙම කාලය තුළ ජලය නොලැබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ අම්බලන්ගොඩ ප්‍රාදේශීය ඉංජිනේරු නැදුන් වික්‍රමනායක මහතා පැවසිය.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය ස්ථානවලට බවුසර් මගින් ජලය සැපයීමට කටයුතු යොදා ඇතැයිද වික්‍රමනායක මහතා සඳහන් කළේය.

පුපුරා ගොස් ඇති නළ මාර්ගය මේවන විට අලුත්වැඩියා කරමින් පවතින බවද වාර්තාවේ. කෙරමිණිය ජල පොම්පාගාරය අසලදී ජලය පොම්ප කරන නළ මාර්ගයේ මෙම පිපිරුම සිදුවී ඇත.



අදහස් (0)

කොස්ගොඩට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site