IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෘෂි කාර්මික කටයුතු සංවර්ධනයට රුපියල් මිලියන 36ක්

(යක්කලමුල්ල විශේෂ ජේ.කේ..එල් චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කය තුල කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 36ක මුදලක්  කෘෂිකාර්මික අමාත්‍යාංශය මගින් ලබා දි ඇත.


මේ යටතේ අමුණු ප්‍රතිසංස්කරණය කිරීම ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සහ කෘෂි මාර්ග ප්‍රතිසංස්කරණය  සිදු කෙරේ. එමෙන්ම  අමුණු ව්‍යාපෘති  05ක් ක්‍රියාත්මක වේ. රුපියල් මිලියන 12ක්  මෙම කර්මාන්ත 05 වෙනුවෙන්  ලබා දී තිබේ.  රට තුළට  ජල මාර්ග ඔස්සේ  ලවණ ජලය ඇතුල්වීම පාලනය කිරීම සඳහා  බෙන්තර පහළ ගම් හය ගොවිජන සේවා  කොට්ඨාශයේ බෙන්තර වී පර්යේෂණ ආයතන භූමිය තුළ  අමුණක්  ඉදි කිරීමට ද නියමිතය.  නාගොඩ ඌරල දඬුවන  අමුණ යාන්ත්‍රික දොර අළුත්වැඩියාකිරීම ද,තවලම ඔපාත ක්ෂුද්‍ර වාරි යෝජනා ක්‍රමය  සංවර්ධනයද,  හික්කඩුව පිංකන්ද පන්විල හීන් ඇළ සංවර්ධනය ද  මෙහි අනෙකුත් ව්‍යාපෘති වේ.


බෙන්තර කඳන්ගොවිපළ ඇළ ,කරන්දෙණිය නාගස්ගොඩැල්ල ඇළ,  හබරාදුව දන්කැටිය ඇළ , ඇල්පිටිය  දික්හේන පහළ මරාදෙ ඇළ සංවර්ධනය කිරීම  ඇතුළු ඇළ මාර්ග ව්‍යාපෘති  05ක් රුපියල් මිලියන 12ක් වියදමින් සංවර්ධනය කිරිමට නියමිතය..


කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ  අරමුණින් , යටිතල පහසුකම් සංවර්ධනය යටතේ කෘෂි මාර්ග සංවර්ධනය කිරීමද සිදු වේ.  වැලිවිටිය දිවිතුර, ඇල්පිටිය හා ඉමදුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ  තුළ සුරිය ඇළ යාය කෘෂි පාර, නවදගලයාය කෘෂි පාර, අන්දුගොඩ වලව්වදෙණිය කෘෂි පාර, මේ යටතේ සංවර්ධනය කෙරෙන අතර රුපියල් මිලියන 12ක් මෙම කෘෂි මාර්ග සංවර්ධනය වෙනුවෙන් වැය කෙරේ. 



අදහස් (0)

කෘෂි කාර්මික කටයුතු සංවර්ධනයට රුපියල් මිලියන 36ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site