IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා ගලෙන්බිඳුනුවැවදී උද්ඝෝෂණයක්

(දයාරත්න ඇඹෝගම)
 
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබාගත් ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා කාන්තාවන් පිරිසක් අද (29) ගලෙන්බිඳුනුවැව යකල්ල ගල්කුලම හන්දියේදී  උද්ඝෝෂණයක නිරත වූහ.
 
උද්ඝෝෂණයේ නිරතවූ මෙම කාන්තාවන් කියා සිටියේ රජය විසින් මෙම ණය මුදල් කපා හරින බවට ලබාදුන් පොරොන්දුව ඉටු කරන ලෙසයි.
 
මෙම උද්ඝෝෂණය නිරත වූ පිරිස සඳහන් කර සිටින්නේ කන්න ගණනාවක් තිස්සේ එම ප්‍රදේශ වලට නියගයේ බලපෑම හේතුවෙන් තමන් සිදු කළ ගොවිතැන් පාලු වූ බවත් ගොවිතැන් සඳහා තමන් විසින් ණය මුදල් ලබා ගත් බවත් වගාවන් පාළු වීමත් සමඟ ණය මුදල් ගෙවීමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් ණය වාරික ගෙවීමට නොහැකි වූ කාන්තාව හට රජය විසින් ණය කපා හරින බවට ලබාදුන් ප්‍රකාශය නිසි ක්‍රමවේදයක් අනුව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියහ.
 
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන වලින් ලබා ගත් ණය මුදල් රජය විසින් කපා හැරීමට නියෝගයක් නිකුත් කර තිබියදී, අදාළ ප්‍රදේශවල සංවර්ධන නිලධාරීන් විසින් ණය ලබාගත් කාන්තාවගේ තොරතුරු එක් රැස් කලත්  තවමත් අදාල මුල්‍ය ආයතනවලින් ණය එක්රැස් කරන බව මොවුන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.
 
උද්ඝෝෂකයෝ ඉල්ලාසිටීන්නේ මේ තත්ත්වය ඉදිරියට පැවැතෙන්නේ නම් විශාල අරබුද රැසකට මුහුණ දීමට සිදු වීමට පෙර රජයේ මැදිහත්වීමෙන් අසරණ ජනතාව ණය බරින් බෙරාගන්නා ලෙසයි .

උද්ඝෝෂණයෙන් නිරත වූවන් පැයතුනක පමණ කාලයක් උද්ඝෝෂණයක් කිරිමෙන් අනතුරැව විසිර ගියේ ඉදිරි දින කිපය තුළ නිසි විසදුමක් ලබා නොදුන හොත් මාරාන්තික උපවාසයක නිරත වන බවද පවසමිනි.



අදහස් (0)

ක්ෂුද්‍ර මූල්‍ය ණය මුදල් කපා හරින ලෙස ඉල්ලා ගලෙන්බිඳුනුවැවදී උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31782 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14239 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 215 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1155 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site