(රංජිත් රාජපක්‍ෂ)
බගවන්තලාව කර්කස්වෝල්ඩි එල්බොඩ වත්ත පහළ කොටසේ සහකාර ක්ෂේත‍්‍ර නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන වතුකම්කරුවකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එම වතුයායේ වතු කාර්ය මණ්ඩලය අද (15) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
නිවාඩු ලබා නොදිමක් සම්බන්ධයෙන් එම වතුකම්කරුවා ඊයේ (14) රාති‍්‍ර 8.30 ට පමණ ක්ෂේත්‍ර නිලධාරියාගේ නිවසට පැමිණ පොල්ලකින් පහර දී ඇති බවත් පහර කෑමෙන් තුවාල ලැබු නිලධාරියා නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවත් වර්ජකයෝ පැවසූහ.
එම වතුයායේ තේ කර්මාන්ත ශාලාව සහ වතු කාර්යාලය වසා දමා මෙම වැඩ වර්ජනය පැවැත්වූවද වතුකම්කරුවෝ තේ දළු නෙලීමේ කටයුතු කරති.
එම තේ දළු කර්මාන්ත ශාලාවට බාර නොගන්නා බව වතු කාර්ය මණ්ඩලය පවසයි.
මෙම පහර දිම සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇතත් බගවන්තලාව පොලිසිය එම සැකකරු අත්අඩංගුවට ගැනිමට අපොහොසත් වි ඇති බව වර්ජකයෝ කියති.
බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති කේ.සි ධර්මපි‍්‍රය මහතා එම වතුයායට පැමිණ කාර්ය මණ්ඩලයට පැවසූවේ සැකකරු ප‍්‍රදේශයෙන් පලා ගොස් ඇති නිසා අත්අඩංගුවට ගැනිම ප‍්‍රමාද වි ඇති බවයි. සැකකරු අත්අඩංගුවට ගන්නා තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව කරන බව වර්ජකයෝ කීහ.


2025 නොවැම්බර් මස 04
732
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ක්ෂේත්ර නිලධාරියාට ගැහුවැයි බගවන්තලාවේ වර්ජනයක්