
( ක.ග.කරුණාරත්න)
කවුඩුල්ල ජලාශයේ නීති විරෝධී තංගුස් දැල් භාවිතය ඉහළ යමින් තිබෙන හෙයින් එම නීති විරෝධී ක‍්‍රියා නැවැත්වීමට පියවර ගන්නා ලෙස බල කරමින් මැදිරිගිරිය,මිරිස්හේන,මහවාඩිය ධීවර තොටුපලේ ධීවර කාර්මිකයින් පිරිසක් උද්ඝෝෂණයෙක නිරත වූහ.
මෙම තහනම් දැල් භාවිතය හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවීම නිසා තම ජීවනෝපාය අහිමිවෙමින් තිබෙන බව උද්ඝෝෂණකරුවෝ කියා සිටියහ.
වැවේ මත්ස්‍ය සම්පත හීනවීම නිසා මේ දිනවල තමන්ට මාලූ කිලෝවක් තරම වත් අල්ලා ගැනීමට නොහැකිවී ඇතැයි බොහෝ ධීවරයෝ කියා සිටිති.
නීති විරෝධී තහනම් දැල් භාවිත කරමින් මසුන් ඇල්ලීම සඳහා ඇතැම් පිරිස් වලට ධීවර පරීක්‍ෂකවරයාගේ සහය ලැබෙන බවට එහිදී උද්ඝෝෂණකරුවෝ චෝදනා කළහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.