IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘කවුළු නිලධාරියා ඉදිරියේ තැපැල් පාර්සල් ඇසුරුම් කරන්න’

(තිළිණි ද සිල්වා සහ ජයන්ත සමරකෝන්)
 
දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල් සහ තැපැල් කාර්යාලවල කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත.
 
ඒ අනුව බැහැර සිට ඇසුරුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙසත් ඇසුරුම් කර රැගෙන එන පාර්සල් භාරගැනීම, කවුළු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම හෝ විවෘත කර පෙන්වා යළි ඇසුරුම් කරන ලෙස තැපැල් කාර්යාල නිලධාරීන්ගෙන් මහජනතාවට උපදෙස් ලැබිය හැකි බව තැපැල්පති නිවේදනය කරයි.
 
සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා සියලු පාර්සල්, තැපැල් කාර්යාලය තුළදී ඇසුරුම් කර බාරදෙන ලෙසද ලෙස පාර්සල් භාර දෙන අය තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යාවශ්‍ය බවද තැපැල්පතිවරයා පවසයි.



අදහස් (0)

‘කවුළු නිලධාරියා ඉදිරියේ තැපැල් පාර්සල් ඇසුරුම් කරන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site