(දයාරත්න ඇඹෝගම)
කුවේට් හි ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී හාම්පුතාගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා ප්‍රතිකාර නොකිරීමෙන් මියගිය තම දියණියගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර සාධාරණයක් ඉටුකර දෙන්නැයි ඇයගේ පියා ඉල්ලා සිටියි.
අනුරාධපුර මානින්කුලම ඇත්පැටියාව පදිංචිව සිටි ඩබ්.එම් මදුමන්ති සෙනවිරත්න නැමති එක් දරු මවක් මෙසේ මිය ගොස් ඇත.
ඇයගේ පියා වන ඒ.සෙනවිරත්න යන අය සිද්ධිය පිළිබඳව අද (20) මෙසේ පැවසීය.
මගේ දුවට ගෙහිමියන් නිතර නිතර පහර දෙන බව දුව අපට නිතර නිතර කතා කරලා කිව්වා. පස්සේ මම ඒජන්සියටත් විදේශ සේවා එකටත් මේ බව දැනුම් දුන්නා. ඒ අය ඒ ගැන ගණන් ගත්තේවත් නැහැ මම බොරු කියනවා කියල කිව්වා.
පසුව මීට මාස දෙක හමාරකට පස්සේ දුව පහර කෑමෙන් මිය ගියා. සිරුර ලංකාවට ගෙනාවා. දුවගේ මිනියත් එක්ක ඇයගේ ලේ තැවරණ අඳුමක් ද මිනිය සමඟ තිබී අපට හමු වුණා.
එය ඉවත් කිරීමට ඔවුන්ට අමතක වෙලා. මම මේ පිළිබඳවත් විදේශ සේවා එකට දැනුම දුන්නා. එහෙත් තවමත් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකළේ නැහැ.
දුවගේ කරේ තිබුණු රත්රන් චෙන් එකයි,කරාබු ජෝඩුවයි නැහැ. ඇයට මාස දෙකහමාරක වැටුප් ගෙවලත් නැහැ.
මම දුවගේ ආදාහන කටයුතු වලින් පස්සෙත් කොළඹ ගිහින් මේ ගැන පරීක්ෂණයක් කරන්න කියල ඉල්ලුවා. එත් තාම මොකුත් කියන්නේ නැහැ. දුවට පහර දීලා බිම දාලා පෑගුවා. මට අමරුයි ඒත් බෙහෙත් දෙන්නෑ කියල දුව කෝල් කරලා කිව්වා. ඊට දවස් තුනකට පස්සේ දුව මැරිලා. දැන් දුවගේ දරුවත් අපිත් අසරණයි අපිට සළකන්න හිටියේ මගේ දුව විතරයි.
මම රජයෙන් ඉල්ලන්නේ දුවගේ රන් බඩුයි ඇයගේ වැටුප් සල්ලි අපිට ලබාදීලා දුවට වුණ අසාධාරණයට ඇයගේ දරුවා වෙනුවෙන් වන්දි මුදලක් ලබාදෙන ලෙස යනුවෙන් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුවේට්හිදී ඝාතනය වූ කතගේ පියා වන්දි ඉල්ලයි
yaha Tuesday, 20 November 2018 11:00 AM
මේකට සාධාරණය ඉෂ්ට කරන්න ඕනේ වහාම.