IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කලා වැවේ අලි 300ක් ගොවිබිම් වනසති

(කාංචන කුමාර ආරියදාස)

කලා වැවේ වල් අලින් 300ක් පමණ දෙනා ගම් වැදී එක රැයකින් වගා බිම් සිය ගණනක් විනාශ කරන බව ගොවීහු පවසති.

කලා වැව් ඉස්මත්තේ සිටින වන අලින් තුන්සීයක් පමණ රෑනක්  12 දින රාත්‍රියේ කැකිරාව හෝරාපොළ  මොරගොල්ලාගම ගොවිබිම් කිහිපයකට කඩා වැදී එහි කුඹුරු සහ එළවළු වගාවන් අක්කර සිය ගණනාවක් විනාශ කොට ඇතැයි ගොවීහු පෙන්වා දෙති.

මෙම ගම්මානවල තිබූ වපුරන ලද කුඹුරු ගොයම් පැල බණ්ඩක්කා, මල් ගෝවා ,පතෝල, කරවිල, වම්බටු ,පොල් , ආදී අස්වනු නෙලීමට තිබූ බව බෝග රැසක් ද  එක රැයකදී විනාශ වී ඇති බවත් මහවැලි ඉතිහාසයේ මෙවැනි විනාශයක් සිදු වූ පළවෙනි අවස්ථාව මෙය බවත් ගොවීහු කියති.

ගොවින් පෙන්වාදෙන්නේ කලාවැව ඉස්මත්තේ වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉදිකරන ලද විදුලි වැට නඩත්තු නොකිරීම නිසා කාලයක් තිස්සේ විදුලි වැට වල් වැදී තිබෙන බවයි.  විදුලි වැට ප්‍රමිතියෙන් තොරව ඉදිකිරීම නිසා වන අලින් මෙම ප්‍රදේශයට කඩා වදින බවයි.

 



අදහස් (4)

කලා වැවේ අලි 300ක් ගොවිබිම් වනසති

naradha Wednesday, 13 December 2017 10:25 AM

මේ අලි මිනිස් ගැටුමේදී අප ගත යුත්තේ මේ දුප්පත් ගොවීන්ගේ පැත්තයි. සෑම වගා බිමක්ම වට කොට විදුලි වැටවල් ගැසීම ප්‍රයෝගික නොවන දෙයකි. මේ වගා බිම් වනසන අලින් අල්ලා පිට රටකට යැවිය යුතුයි. එසේත් නැති නම් දේශීය වශයෙන් ඒ අය රැක බලාගත හැකි අයට අලින් ඇති කිරීමට අවසර දිය යුතුයි.

:       1043       109

sarathWednesday, 13 December 2017 04:59 PM

දෙපැත්තම ගතයුතුයි ,ප්‍රශ්නේ අලින්ට ඉන්න ඇති ප්‍රදේශ වට කරලා වැටවල් ගහන්න ගන්න සල්ලි වලින් බාගයක් පිල්ලි ගහනවා, ඕනෙකමත් තියෙනවනම් මොකක්ද බැරි

:       2       2

MatipahanaThursday, 14 December 2017 07:29 AM

ඔබ ලෝකය ගැන නොදන්නා බව පෙනේ. වගා බිම් වල විශාලත්වය නොව ඒවායේ ඵලදයිතාවය තමයි වැදගත්. බලන්න අපට වඩා සෑහෙන පොඩි නෙදර්ලන්තය ලෝකටයම ආහාර සපයන හැටි. සතුන්ට නිසි ලෙස ඔවුන්ගේ කටයුතු කරගෙන යන්න ඉඩ දිය යුතුයි. අලින්ගේ තැන මිනිසා විසින් අල්ලගෙන ඔවුන්ට යන එන මන් නැති කරලා දැන් ඔබ ඔවුන්ව විනාශ කිරීමටද යෝජනා කරයි. මේ අලි අපිට සම්පතකි. ලංකාවේ ප්‍රධාන අදායම බවට පත්වෙමින් යන සංචාරක කර්මාන්තය රැදී ඇත්තේ අපේ ස්වාභාවික සම්පත් මතයි. අප කල යුත්තේ තව තවත් වනාන්තර වන සතුන් වෙනුවෙන් වැඩි කිරීමයි. තාක්ෂණය භාවිත කොට කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීමයි. ගෙවල් හැම තැනම හදන්නේ නැතුව රජය මැදිහත් වෙලා මනා සැලැස්මක් ඇතුව තට්ටු නිවාස සියලු පහසුකම් ඇතිව ජනතාවට ලබා දීමයි. ගම වල තට්ටු ගෙවල් යෝජනා ක්‍රම ඇති කිරීම මගින් වනාන්තර ඉතිරි වේ.

:       2       6

victor Wednesday, 13 December 2017 07:44 PM

කොළඹ අලි ටික දෙනෙක් මුළු රටම වනසනවා .

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1921 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site