(එල්. ජව්ෆරකාන්)
කුරුණෑගල සිට මඩකලපුවට කිලෝ දෙකක කේරලා ගංජා තොගයක් රැගෙන ආ පුද්ගලයින් දෙදෙනෙකු මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සතුව තිබී කිලෝ දෙකක ගංජා, ජංගම දුරකථනය සහ ඔවුන් පැමිණි වාහනය පොලිසිය බාරයට ගෙන ඇත.
මඩකලපුව පොලිසියට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මඩකලපුව පොලිස් කොස්තාපල්වරුන් කණ්ඩායමක් මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේ සත්තුරු කොන්ඩාන්හිදී කළ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පැමිණ වාහනය පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසු සුනඛයින් යොදා පරීක්ෂා කිරීමේදී ආසනය යට මිලිග්‍රෑම් 500ක ආදර්ශ ගංජා පැකට් සොයාගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවෝ කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේ පදිංචි 30 සහ 38 අතර වයස්වල පුද්ගලයෝ වෙති.
ඔවුන් සතුව තුබූ ගංජා යාපනය සිට පැමිණි එක් පුද්ගලයෙකු විසින් ඔවුන්ට විකුණූ බවත් ඒවා මඩකලපුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකිණීම සදහා ගෙන ආ බවත් පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මඩකලපුව මුලස්ථාන පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



2025 දෙසැම්බර් මස 18
153
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිලෝ දෙකක කේරළ ගංජා සමඟ දෙදෙනෙක් අල්ලයි