(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )
කලවාන ප්‍රාදේශීය වෙළෙඳසැල් යළි විවෘත කරන ලෙස එම වෙළෙඳසැල් හිමියන් වෙත අද (13) කලවාන කොව්ඩ් මර්ධන කමිටුව දැනුම් දෙන ලදී .
පසුගිය (10) වැනිදා සිට කලවාන ප්‍රදේශයේ වෙළෙඳසැල් ඇතුළු ආයතන යළි දැනුම් දෙන තුරු වසාදැමීමට කලවාන කොව්ඩ් මර්ධන කමිටුව තීරණය කෙරිණි. ඒ අනුව දින තුනක් කලවාන නගරයේ වෙළෙඳසැල් වසා තැබිණි .
අද (13) කලවාන තපස්සරකන්ද ක්‍රීඩාංගණයේ දී කලවාන වෙළෙඳසැල් හිමියන් හා කලවාන කොව්ඩ් මර්ධන කමිටුව විසින් පවත්වනු ලැබූ සාකච්ඡාවකින් පසුව යළි නගරයේ වෙළෙඳසැල් විවෘත කිරීමට තීරණය කළේය.
විවෘත කරන වෙළෙඳසැල්වල විස්තර කලවාන සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය වෙත ලබාදිය යුතු බවත් සෞඛ්‍ය වෛද්‍ය කාර්‍යාලය මගින් පරීක්ෂා කිරීමේදී එය ඉදිරිපත් කළ යුතු බවත් මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය විසින් වෙළෙඳසැල් හිමියන් වෙත දැනුවත් දෙන ලදී.
එසේම නිසි සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් එම උපදෙස් කඩකරන වෙළෙඳසැල් නඩු පවරා වසා දැමිමට පියවර ගන්නා බවද මෙහිදී කොව්ඩ් මර්ධන කමිටුව විසින් වෙළෙඳසැල් හිමියන්ට ප්‍රකාශ කර සිටියහ.
එසේම නිරෝධානය වන වෙළෙඳසැල් හිමියන්ගේ වෙළෙඳසැල් විවෘත නොවන බවද කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය පැවසීය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
කලවාන ප්‍රා. වෙළඳැසල් විවෘත කරන්න අවසර