(කුෂාන් ජයවර්ධන)
කලාවැවේ වාන් දොරටු දෙක අද (06) සවස අඩි 05 ක් දක්වා පහත දැමීමට කලාවැව කාර්යභාර ඉංජිනේරු කාර්යාලය කටයුතු කර තිබේ.
ඊයේ 05 වාන් දොරටු දෙක අඩි 15 ක් බැගින් විවෘත කර තිබුණි.කලාවැවෙන් මේ වනවිට කලාඔයට මුදා හැරෙන ජලධාරිතාවය තත්පරයට ඝණ අඩි 4200ක් පමණ වන බව කාර්යභාර ඉංජිනේරු කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
වර්ෂාව හේතුවෙන් තවමත් කලාවැව අවුකන මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට තිබේ.
රාජාංගනය ජලාශයේද ඊයේ දිනයේ වාන් දොරටු 16 ක් විවෘත කර තිබූ අතර අද පස්වරුව වනවිට එම ජලාශයේද වාන්දොරටු 08 ක් වසා දමා ඇති අතර ඉතිරි වාන් දොරටු 08 තවමත් විවෘතව පවති.
අඩි 06 බැගින් දොරටු 03ක් ද, අඩි 04 බැගින් දොරටු 02ක් ද, අඩි 03 බැගින් දොරටු 3ක් ද වනසේ එම දොරටු විවෘත කර ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කලාවැවේ - රාජාංගණයේ වාන් දොරටු ටික ටික වැසෙයි