උපාලි ආනන්ද
විල්පත්තුව වන උයන සීමාවේදි වෙඩි තබා ඝාතනය කර මරා දැමූ බවට සැක කළ කල්ලාරු ඇතාගේ මරණය ස්වභාවික හේතුවක් නිසා සිදු වූ බවට වනජීවි දෙපාර්තෙමින්තුවේ වනජීවි විශේෂඥ වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා නිගමනය කළේය.
මෙම ඇතාගේ ශරීර කොටස් සම්බන්ධයෙන් සහ ඇතා ඝාතනය වූ බවට සැක කෙරෙන ස්ථානය පිලිබදව සිදු කළ ස්ථානීය පරික්ෂණයකින් අනතුරුව මෙම නිගමනය සිදු කෙරිණි.
කල්ලාරු ඇතාට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී නැති බවට ස්ථීරවම නිගනමය කළ වනජීවි විශේෂඥ වෛද්‍ය තාරක ප‍්‍රසාද් මහතා අකුණු සැර හෝ විදුලිය සැර වැදීමකින්ද ඇතා මරණයට පත්ව නැති බවටද තහවුරු කළේය.
ඇතා මිය ගොස් ඇත්තේ ස්වභාවික හේතුවකින් බවට අවසන් වශයෙන් නිගමනය කෙරිණි. පොලිසිය විසින් සොයා ගත් කල්ලාරු ඇතාගේ අත් දළ යුගල සහ විල්පත්තුව වනෝද්‍යාන සීමාවේදි සොයා ගත් අස්ථි කොටස් එකින් එක නිවැරදිව ගැලපෙන බවටද වනජීවි විශේෂඥ වෛද්‍යවරයා ස්වකීය පරික්ෂණවලදි තවදුරටත් අනාවරණ කර තිබේ.
අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ලබා දුන් නියෝගයකට අනුව මෙම පරීක්ෂණ සිදු කෙරිණි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කල්ලාරු ඇතා මියගියේ ස්වභාවික හේතුවකින්ලු