IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොල්ලකෑම් රැසකට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට

චන්ද්‍රසේන ගමගේ

සූරියවැව නබඩගස්වැව දී පසු ගිය මස 10 වැනි දින ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පෞද්ගලක ආයතනයක මුදල් එකතු කරන්නියකට ගිණි අවි පෙන්වා මුදල් රුපියල් 167000 ක් පැහැර ගැනීමට සම්බන්ධ බවට සැක කෙරෙන තරුණයන් තිදෙනෙකු සහ ඔවන් සතුව තිබූ ටී පනස් වර්ගයේ රිවොල්වරයක්ද අද (31) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට බැරගම හා කොග්ගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පවසන පොලීසිය අත්අඩංගුවට පත් අය අතර වයස අවුරුදු 18 තරුණයෙකුද සිටින බවද පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් කරන ලද ප්‍රශන් කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් හම්බන්තොට හා අම්බලන්තොට ප්‍රදේශවල කොල්ල කෑම් රැසකට සම්බන්ධ පුද්ගලයින් බවයි.

ඉදිවෙමින් පවතින දකුණු අධිවේගී මාර්ගයේ හම්බන්තොට කෑලියපුර පිහිටි වැඩ බිමකින් මුරකරුවන් බැද දමා වාහන බැටරි 08 ක්ද අම්බල්නතොට යකඩ වැඩපොලක පසු පසු දොර කඩා යකඩ තොගයක් හා යාන්ත්‍රික උපකරණ රැසක්ද අත්අඩංගුවට පත් සැකකරුවන් විසින් සොරකම් කොට ඇතැයි පොලීසිය පවසයි.

මීට අමතරව මෙම සැකකරුවන් විසින්  අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි වෙළද සැලකට පැන කාන්තාවකගේ ගෙල බැදි රන්මාලයක්ද පැහැර ගෙන අති බවත් පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් විසින් සූරියවැව ප්‍රදේශයේදී මුදල් මං කොල්ලය සඳහා යොදාගත් මෝටර් රථයද පැහැර ගන්නා ලද රන් මාලයක්ද දුරකථන කිහිපයක්ද , යකඩ බට හා කාර්මික උපකරණ රැසක්ද පොලීසිය විසින් සොයා ගෙන තිබේ.

අත් අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා අද (31) සූරියවැව පොලීසියට බාර දුන් අතර ඔවුන් හෙට (01) දිනයේදී හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

කොල්ලකෑම් රැසකට සම්බන්ධ තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site