IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කුලියාපිටියේ කොහු කම්හලෙන් ගැටලු රැසක්: ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                             
          
කුලියාපිටිය කරගහගෙදර පිහිටුවා ඇති ප‍්‍රධාන පෙළේ කොහු කර්මාන්ත ශාලාවකින් නිකුත්වන කොහුබත් අංශු සහ දුහුවිලි හේතුවෙන් තමන්ට  පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
 
කර්මාන්තශාලාවෙන් නිකුත්වන සියුම් කොහුබත් අංශූ නිතරම පාවී යාබද නිවාසවලට පතිත වන බවද, ළිං ජලය මතුපිට තට්ටුවක් වශයෙන් තැන්පත්වන බවද, මේ හේතුවෙන් ළිං ජලය වෙනුවට ප‍්‍රදේශවාසීන්ට බෝතල් කළ ජලය පානය කිරීමටද සිදුව තිබිණ.
         
කර්මාන්තශාලාව කොහු එක්රැස්කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් පළමුව පවත්වාගෙන ආ නමුත් මේ වනවිට යන්ත්‍රෝපකරණ රැසක් සවිකර දවස පුරා අධික ශබ්ද නිකුත්කරමින් පවතින බවත්, මේ හේතුවෙන් කුඩා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට පවා දැඩි බාධාවක් බවත්, ළමුන් රාත‍්‍රියේ නින්දෙන් එක්වර කෑගසමින් බියවන තත්ත්වයක් පවා උද්ගත වී ඇති බවත් ඔවුහු කියති.
         
සමගි මාවතේ වෙසෙන පවුල් රැසකගේ කුඩා දරුවන් මේ හේතුවෙන් ස්වසනාබාධවලින් පෙළෙන අතර 90%ක් දරුවන් සුව නොවන තරමේ සෙම්ප‍්‍රතිෂ්‍යාවෙන් පෙළෙන බවද ඔවුහු පවසති.
         
 නිශාන්ත ජයසිංහ මහතා මේ ැගන අදහස් දක්වමින් මෙසේ පැවසීය.
         
“අපි මේකට පැමිණිලි කළා. අපිට මේ කර්මාන්තශාලාව වහන්න අවශ්‍ය නැහැ. මොකද ගම්මු මේකෙන් යැපෙනවා. නමුත් ගම්මු කොටසක් ජීවත්වෙද්දි තවත් කොටසක් හිමින් මැරෙන්න ඇරලා තියනවා. මගේ දරුවො තුන්දෙනාම කියන්නෙ රෑට නිනද යන්නෙ නැහැ, හිස කකියනවා කියලා. අපිටත් ඉන්න බැරිව තියෙද්දි පොඩි දරුවන් ගැන කවර කථාද?
මෑතක අපි ශබ්ද පරිමාව පරීක්‍ෂාවට ගෙනා නිලධාරීන් බලලා කිව්වා 69%ක් ශබ්දය වාර්තා වන බව. තිබිය යුතු ප‍්‍රමාණය 55%ක මට්ටමේ ඉඳලා ඉතාම වැඩි අගයක්. තාප්පය උස් කරලා බැඳලා ශක්තිමත් දැලක් සවිකරලා වෙන කර්මාන්ත ශාලාවක වගේ ජල නල සවිකළානම් මීට විසඳුමක් වේවි. අපි කර්මාන්තශාලාවක් අස්සට ආවා නෙවෙයි. අපේ ගෙවල් අස්සට කර්මාන්තශාලාවක් ඇවිල්ලයි මේ ප‍්‍රශ්නෙ ඇතිකරලා තියෙන්නෙ.”


දිලානි ශාමිලා මහත්මියද මෙසේ අදහස් දැක්වීය.
         
“අපි කරන්නෙ බුලත් ගොවිතැන. අපි බුලත් කඩල මොන විදිහකින් හෝදලා පාකිස්ථානයට හරි පැටෙව්වත් ආපසු එවනවා ඒවගෙ දුහුවිලි කියලා. මහ පොළව එක්ක පොරබදලා අපි කීයක් හරි හම්බකරගෙන කාපු එකත් නැතිවෙලා මේ දුහුවිලි තත්වය නිසා. අපි කන කෑම බීමට පවා ඒ කොහුබත් කුඩු මිශ‍්‍ර වෙනවා. අපි කියන්න  ඕන හැමෝටම කියල බැරිම තැන පොලිසියට පැමිණිලි 30කට වැඩිය කළා. පරිසර අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක් දැනුවත් කළා. කිසිම කථාවක් නැහැ.
         
එම ප‍්‍රදේශය ආවරණය වන පරිදි තාප්පයක් හා දැලක් යෙදවීමටත් ජල පේ‍්‍රරණ පද්ධතියක් සවිකිරීමටත් කටයුතු කරන බව එල්ල වන චෝදනා සම්බන්ධව අදාළ ආයතනයේ නිෂ්පාදක විධායක සංජය මුත්තුංග මහතා පැවසුවේය. එමෙන්ම ඉදිරි මාසයක පමණ කාලයක එම ඉදිකිරීම සිදුකිරීමට අපේක්‍ෂා කරන බවද පැවසීය.    

 



අදහස් (1)

කුලියාපිටියේ කොහු කම්හලෙන් ගැටලු රැසක්: ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

රවින් Tuesday, 16 July 2019 04:28 AM

මෙවැනි අවස්ථාවලදී කලයුත්තේ රාජ්‍ය ආයතනවල අනුග්‍රහය ඇතිව පරිසර දුෂණය අඩුම වියදමකින් අවම කිරීමට අවශ්‍ය උපදෙස් එම කර්මාන්තය වෙත ලබාදීම මිස කර්මාන්තය වැසෙන තැනට වැඩ කටයුතු කිරීම නොවේ. හැමෝම තරයේ මතක තබාගත යුතු කරුණක් නම් කොහු කර්මාන්තය ලංකාවේ ආර්ථිකයට සැහෙන වැඩ කොටසක් කරපු කර්මාන්තයක් බව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 573 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 481 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site