( දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ කෘෂිකාර්මික ඩිප්ලෝමාව හදාරන සිසුන් ප‍්‍රායෝගික කටයුතු සිදුකරනු ලබන අක්කර 3ක පමණ භූමියෙන් අක්කරයක භූමිභාගයක් කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට පවරා ගැනීමේ දේශපාලනික උත්සහය වහා හකුලාගන්නා ලෙස බලකරමින් උද්ඝෝෂණයක් කුලියාපිටිය කාර්මික විද්‍යාල පරිශ‍්‍රය ඉදිරියේදී අද (21) පැවැත්විණ.
මේ වනවිට එහි ඉගෙනුම ලබන සිසුන්, ආදි සිසුන් හා මේ වනවිට කෘෂිකාර්මික ඩිප්ලෝමාව හමාර කර දිවයිනේ විවිධ රැකියාවන්හි නිරතවූ ආදිසිසුන් ඇතුළු දහසකට ආසන්න පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
පැය දෙකකට අධික කාලයක් මෙම විරෝධතාව පැවැත්විණි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කුලියාපිටිය කාර්මික විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්