IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරියේ ඇරඹේ

(මුදිතා දයානන්ද)

වසර පහක පමණ කාලයක් තිස්සේ වසා දමා තිබෙන ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ලබන ජනවාරියේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල මහත්මිය ලංකාදීපයට අද (18) පැවසුවාය.

මේ සඳහා රුපියල් මිලියන සීයක් වෙන්ව ඇතැයිද ජාතික කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසීමකට පිළිතුරු දෙමින් ගෝකුල මහත්මිය පැවසුවාය.

        “කලාභවනේ ප්‍රධාන ශාලාව දෙපැත්තෙන් මහල් ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමටත්, ප්‍රධාන ශාලාව ප්‍රතිසංස්කරණය කිරීමටත් තමයි සැලැසුම් වුණේ.

මේ සඳහා වසර ගණනාවක් තිස්සේ ප්‍රතිපාදන වෙන් නොවීමේ ගැටලුවක් තිබෙනවා. ඒ වගේම අපි මේ කාර්යය භාරදුන්නේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටයි. ඔවුන් දිගු කාලයක් තිස්සේ වැඩේ කරන බව පවසමින් සිට පසුව තමන්ට ඒක කරන්න බැහැ කිව්වා.

ඒ නිසා අපි තීරණය කළා මොරටුව විශ්ව විද්‍යාලයත් සමඟ එක්ව මේ කාර්යය කරන්න. මේ වසරේ අප්‍රේල් වල තමයි ඒ සඳහා මුදල් රුපියල් මිලියන සීයක් වෙන්කෙරුණේ. දැන් අපි පුවත්පත් දැන්වීම් පළ කර ටෙන්ඩර් කැඳවා ලබන ජනවාරි වන විට වැඩ ආරම්භ කිරීමට අවශ්‍ය කටුයතු කරගෙන යනවා.” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

ප්‍රතිසංස්කරණයකට ලක් නොවීම නිසා ජාතික කලාභවනේ වහල හා වැහිපිලි දිරාපත්වීම හේතුවෙන් වැස්සට තෙමෙමින් එහි ප්‍රධාන ශාලාවේ ප්‍රදර්ශනය කර තිබූ ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් විසින් අදින ලද සුප්‍රසිද්ධ චිත්‍රවලට හානි සිදුව තිබිණ.

ඒ අනුව එහි තිබූ චිත්‍ර ඉවත් කර දැමූ අතර පසුව ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කලාභවන වසා දමන ලද්දේ 2015 දීය.

එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා  මිලියන 42 ක් වෙන්කිරීමට 2018 දී කැබිනට් තීරණයක් ගෙන  තිබුණ ද මෙතෙක් එය ක්‍රියාත්මක නොවිණි.

 



අදහස් (0)

කලාභවනේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනවාරියේ ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31981 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14429 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11221 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 19 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1224 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site