IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කලාප දෙකක වන ජීවි නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

(රංජිත් රාජපක්ෂ)                       

කන්තලේ ත්‍රිකොණමඩු රක්ෂිතයේ රාජකාරි කළ වනජීවි නිලධාරීන් දෙදෙනෙකුට පහර දී  රාජකාරියට බාධා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සේරුවාවිල පොලිසියේ නිලධාරින් කටයුතු නොකිරීම හේතුවෙන් හෙට (23) මහවැලි කලාපයේ සහ ත්‍රිකුණාමල වනජිවි කලාපයේ රාජකාරි කරන වනජීවි නිලධාරින් රාත්‍රී රාජකාරිවලින් ඉවත්වී වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා එකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

ප්‍රභාෂ් කරුණාතිලක මහතා මේ බව කියා සිටියේ අද (22) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ඉකුත් 20 වැනිදා පල්ලේවෙල ගොවි  සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් මහවිල්ආරු ප්‍රදේශයේදී වනජීවි නිලධාරින් දෙදෙනාට පහර දී එම වනජීවි නිලධාරින් දෙදෙනාගෙන් ජලාශයේ මසුන් ඇල්ලීමට සහ පල්ලේවෙල ස්භාවික රක්ෂිතය තුල ගවයන් ඇතුල් කිරීමට අවසර ලබාදෙන බවට වනජීවි නිලධාරින් දෙදෙනාගෙන් බලහත්කාරෙන්  ලිපියක් සැකකරුවන් ලබාගෙන ඇති බව  ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසීය.

මහවැලි කලාපයේ සහ ත්‍රිකුණාමල කලාප තුල  වනජීවි නිලධාරින් 300 වඩා වැඩි පිරිසක් සේවයේ නියුතු බවත් මෙම වෘත්තිය සමිති ක්‍රියා මාර්ගයටද සේරුවාවිල පොලිසිය නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් 24 දින සිට දීප ව්‍යාප්තව වනජීවි නිලධාරින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලබීමට  තීරණය කර ඇති බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.



අදහස් (0)

කලාප දෙකක වන ජීවි නිලධාරීන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31895 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14358 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11193 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 252 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1197 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site