IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘කල්පිටියේ ළූනුවලට වැළඳුණු රෝගය හරියට කියන්න බෑ’

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කල්පිටිය දළුව ප්‍රදේශයේ ළූනු ගසේ කොළ පිළිස්සී යාමේ තත්වය රෝගයක් ද නැතහොත්  පොහොර සහ රසායනික වැඩි භාවිතයක් නිසා සිදුවූ දෙයක් ද යන්න සතියක් ඇතුළත දන්වන බව මහඉලුප්පල්ලම කේෂත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතනයේ පර්යේෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධික හෙට්ටිආරච්චි මහතා පැවසීය.

කල්පිටිය අර්ධද්විපයේ දළුව ප්‍රදේශයේ  වගා බිම් කිහිපයක ළූනු කොළ පිළිස්සි යාමේන් වගා බිම් කිපයක් පුරා මෙම තත්වය පැතිරී තිබීමත් සමඟ පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලයේ දැනුම් දීමෙන් මහඉලුප්පල්ලම කේෂත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතනයේ නිළධාරින් පැමිණ අදාළ වගාවන් නිරික්ෂණය කර තිබිණි.

අදාළ භුමිවල පස් සාම්පල හා ජල සාම්පල පරීක්ෂණ සඳහා රැගෙන යාමටත් පත්‍ර වියළි ගොස් ඇති ළූනු වගාවන්  පරික්ෂණ සඳහා යොදා ගැනීම කඩිනමින් සිදුකරන බව මෙහිදි කෘෂි පර්යේෂණ නිලධාරීහු පැවසූහ.

මෙහිදි අදහස් දක්වමින් සිටි මහඉලුප්පල්ලම කේෂත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආයතනයේ පර්යේෂණ අංශ සහකාර අධ්‍යක්ෂ  බුද්ධික හෙට්ටිආරච්චි මහතා මෙසේ කීය.

 “මෙය ඇත්තටම කුමන තත්වයක්ද කියලා තවම නිගමනය කරන්න අමාරු තත්වයක් තිබේන්නේ අපිට කියන්න අමාරුයි මෙය රෝග තත්වයක්ද එසේ නැත්නම් පොහොර වැඩි භාවිතයක් නිසා වු සිද්ධියක් ද එසේ නැත්නම් වගාවන්ට භාවිතා කළ රසායනිකවල හානියක්ද කියලා . කෙසේ වෙතත් අපි දැනට තත්වයට මුහුණු පා ඇති ළූනු වගාවල කොටස් ලබා ගත්තා පරීක්ෂණ සඳහා. එම පරික්ෂණ වලින් පසුව නිවැරදිව අපිට කියන්න පුළුවන් කුමන තත්වයක් බලපා තියෙනවාද යන්න. නමුත් එක දෙයක් කිව හැකියි ඒ අපි ලංකාවේ ළූනුවගාවල නොදැකපු තත්වයක් බව නම් කියන්න පුලුවන්" යැයි ඔහු පැවසිය. 



අදහස් (1)

‘කල්පිටියේ ළූනුවලට වැළඳුණු රෝගය හරියට කියන්න බෑ’

සී පෙරේරා Tuesday, 15 January 2019 08:22 AM

හිරාන්, ඔබ හැමවෙලේම හොඳ අවධානයෙන් ඉන්න මාධ්‍යවේදියෙක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site