ජුඩ් සමන්ත
කල්පිටිය - කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවික හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරියකු ඇතුළු 10 දෙනකු කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය විජය නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරමින් සිටි නිලධාරියකු සහ සෙබළුන් පිරිසකි.
පසුගිය 14 වැනි දා මෙම පහර දීම සිදුවී තිබේ. පහර කෑමට ලක්වූ බව කියන ධීවරයින් 5 දෙනෙකු කල්පිටිය දිසා රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබා ඇත. මේ සම්බන්ධයෙන් කල්පිටිය පොලීසියට ලද පැමිණිල්ලක් අනුව විමර්ශනයක් සිදුකර තිබේ.
පසුව සිද්ධියට සම්බන්ධ අනු ඛණ්ඩ නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා කල්පිටිය පොලීසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් පසුව 16 වැනිදා සවස ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගෙන ඇති අනු ඛණ්ඩ නිලධාරියා සහ සෙබළුන් 9 දෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කල්පිටියේ ධීවරයන්ට පහර දුන් 10 ක් අත්අඩංගුවට