IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කිලිනොච්චියේ ඉපැරණි නටඹූන් ස්ථානයක් ඉවත් කරයි

රොමේෂ් මධුෂංඛ

 

කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කර ඉවත්කර  තිබේ.

වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරන ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන්ට දැනුම් දී තිබුණු බව ඔවුන් මාධ්‍යයට පවසා තිබුණි.

මේ නටබුන් සහිත ස්ථානය ඩෝසර් කරන අවස්ථාවට ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද පැමිණ ඇති අතර කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටා ඇත්තේද කිළිනොච්චිය නගර මධ්‍යයේම වන අතර එම ඉපැරණි නටබුන් වලින් නගරයේ කටයුතු වලට හෝ වෙනත් කටයුතු වලට  කිසිදු බාධාවක් එල්ල වී නොතිබුණි.

නමුත් එවැනි නටබුන් ඉවත් කිරීමට දේශපාලන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභා නිලධාරීන් කටයුතු කිරීමට හේතුව කුමක්ද යන්න නොදන්නා බවත් එම නටඹුන් පොලොන්නරු යුගයට අයත් ඉපැරණි නටඹුන් බවට එහි ඉදිකර තිබූ ගඩොල් වලින් පෙනී යන බවට ප්‍රදේශවාසීහු පවසති.

 



අදහස් (0)

කිලිනොච්චියේ ඉපැරණි නටඹූන් ස්ථානයක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site