IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


කලුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි

(තුසිත කුමාර ද සිල්වා)


ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පානීය නළ ජලය බෙදාහරින ප්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 තෙක් ජල සැපයුම අත්හිටුවන බව කළුතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. ඩී සමරනායක මහතා අද (26)  පැවසීය.


ජල පවිත්‍රාගාරය අවට විදුලිබල මණ්ඩලයේ හදිසි අලුත්වැඩියාවන් හා  නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට හේතුවී ඇතැයි සඳහන් හෙතෙම සඳහන් කරයි.


ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වනුයේ බෙන්තොට, අලුත්ගම, දර්ගානගරය, වරාපිටිය, මීරච්චිකන්ද, කළුවාමෝදර, මොරගල්ල, කන්දෙ විහාරය අවට, හෙට්ටිමුල්ල, බේරුවල, මග්ගොන, පයාගල උතුර හා දකුණ, ඈතගම, කටුකුරුන්ද, උතුරු කළුතර හා දකුණු කළුතර, දොඩංගොඩ, පිලමිනාවත්ත, නාගොඩ, වස්කඩුව, වාද්දුව  හා පානදුර යන ප්‍රදේශ වේ.


මේ හේතුවෙන් අරපිරිමැස්මෙන් ජලය භාවිතා කර සිදු විය හැකි අපහසුතාවය වලක්වා ගන්නයි ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 



අදහස් (0)

කලුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31915 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14373 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11197 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 8 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 259 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1205 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site