IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කරුවලගස්වැව ජනතාවට බොන්න වතුර බිඳක් සල්ලිවලට ගන්න වෙලා

 

(ජයරත්න වික්‍රමාරච්චි)

 

දැඩි නියඟයෙන් කරුවලගස්වැව මූණමල්ගස්වැව ගමේ පවුල් දෙසීයක පමණ පිරිසක් උග්‍ර ජල අර්බුදයකට මුහුණ දී සිටිති.

ගමේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන මූණමල්ගස්වැව ජලාශය මේ වනවිට සිදීයාමට ආසන්නව පවතින බව එහි ගිය අපට දැකගන්නට ලැබිණි. එම  හේතුව නිසා ප්‍රදේශයේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ද අක්‍රීය වී ඇති බවත්, එම නිසා තමන්ට බීමට තබා වෙනත් කටයුත්තක් සඳහාවත් ළඟ පාතකින් ජලය සපයා ගැනීමට මගක් නොමැති බවත් ගම්වාසීහු පැවසූහ.

‘‘සමහර අය ෆිල්ටර් වතුර ලීටරයක් රුපියල් 3 ගානේ බොන්න ගන්නවා. හැමෝටම එහෙම කරන්න බෑ.  ළමයින්ගෙ ඉස්කෝල ඇඳුම් සෝදගන්න විදියක් නෑ. පුළුවන් උදවිය සැතපුම් දෙක තුන යනව වතුර ගේන්න, නාන්න රෙදි හෝදන්න. ඒත් වයසක අයට එහෙම යන්න බෑ. නළ ළිදක් තියෙනව. ඒකෙන් වතුර ටිකක් පෙරන්ගාල වගේ ගන්නව. ඒත් ඒව බොන්න බෑ. මේ නිසා අපි හරිම දුකක් තමයි විදින්නේ ” යැයිද ඔවූහු කීහ.

මෙම ගැටලුව සෑම නියං කාලයක දීම පවතින බවත් එනිසා මේ සදහා තාවකාලික විසඳුමක් ලබාදෙන ගමන් ස්ථීර විසඳුමක් ලබාදීම කෙරෙහි ද අවධානය යොමුකරන ලෙස ද ගම්වාසීහු වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිති.

අප කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් ජනක බාලසූරිය මහතා ගෙන් විමසූවිට ඒ මහතා පැවසූයේ යම් ගමකට මෙවැනි ගැටලුවක් ඇත්නම් ඒ පිළිබඳව වහාම අදාළ ග්‍රාම නිලධාරිවරයා මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුම්වත් කිරීමෙන් විසඳුමක් ලබා ගතහැකි බවය.

සිය බල ප්‍රදේශයේ නියඟයට ගොදුරු වී ඇති ගම්මාන කිහිපයකට මේ වනවිටත් බවුසර මගින් ජලය බෙදා හරින බව පැවසූ ඔහු මූණමල්ගස්වැව ජනතාවට ද  කඩිනමින් ජලය ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසීය.



අදහස් (0)

කරුවලගස්වැව ජනතාවට බොන්න වතුර බිඳක් සල්ලිවලට ගන්න වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site