(අජිත්ලාල් ශාන්තඋදය)
සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (04) කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ අංශයෙන් උසස්පෙළ හදාරන ඒ.එල්.තරුෂික දිලංක ශිෂ්‍යා නිපද වූ හෙලිකොප්ටර් යානයක ආකෘතිය නිරීක්‍ෂණයට ලක් කළේය.
එය පණගන්නවා අවරපෙතිවල ක‍්‍රියාකාරීත්වයද නිරීක්‍ෂණය කළ ආණ්ඩුකාරවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ද මෙම හෙලිකොප්ටර් යානයේ ආකෘතිය පිළිබඳව දැනුවත් කරන බවද දැනුම් දුන්නේය.
නියමුවාට පමණක් යා හැකි සැබෑ හෙලිකොප්ටරයකට සමානව එය නිර්මාණය කර තිබීම විශේෂත්වය විය.
කුරුවිට මධ්‍ය මහා විද්‍යාලයේ තාක්‍ෂණ දිනයට සමගාමීව පැවැත්වුණු ‘‘ටෙක් මයින්‘‘ තාක්‍ෂණ විද්‍යා ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට සකසා තිබුණි.
පළාත් ආණ්ඩුකාරවරයා මෙම සිසුවාට රුපියල් 25000 ක මුදලක්ද පරිත්‍යාග කළ අතර රුපියල් ලක්‍ෂ දෙක හමාරකට ආසන්න මුදලක් ඊට වැයවූ බව තරුෂිකගේ පියා පැවසීය.
සබරගමු පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුරුවිට සිසුවාගේ හෙලිකොප්ටර් යානය බලන්න සබරගමු ආණ්ඩුකාරවරයා යයි