IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුරුවිටට නව රථවාහන සැලැස්මක්

(අජිත්ලාල් ශාන්තඋදය)

නිසි රථවාහන සැලසුමක් ක‍්‍රියාත්මක නොවන කුරුවිට නගරයට ඔත්තේ ඉරට්ටේ වශයෙන් දින වෙන්කර වාහන නැවැත්වීමේ සැලසුමක් හඳුන්වාදෙන ලෙස  රත්නපුර  සහකාර පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රෙස්න මහතා කුරුවිට පොලිසියට දැනුම් දුන්නේය. 


‘කුරුවිට සුන්දර නගරයක් කිරීමට එක් වෙමු‘ මැයෙන්  කුරුවිට වෙළඳ ව්‍යාපාරිකයින් සහ රථවාහන රියදුරන් නව රථ වාහන සැලැස්ම පිළිබඳව දැනුවත් කරමින්  ඒ පිළිබඳව ඔවුන්ගෙන් අදහස් ලබා ගැනීම සඳහා   පැවැති සම්මන්ත්‍රණයකදී පොලිස් අධිකාරීවරයා මේ බව  දැනුම් දුන්නේය.


 ඒ අනුව ලබන සතියේ සිට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වීමට නියමිතය.


 එම සැලසුම ක්‍රියාත්මක වීමෙන් පසු  කොළඹ මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ ධාවනය වන වාහන අවහිර වන ලෙස  මාර්ග සීමාවේ ඇති අනවසර ඉදිකිරීම් හා තාවකාලික වෙළඳසැල් ද මංමාවත් පනත උල්ලංඝණය වන ලෙස ස්ථාපිත කර ඇති ත‍්‍රිරෝද ගාල් ද ඉවත් කරන ලෙස කුරුවිට ප්‍රාදේශීය සභාවෙන් සුහද ඉල්ලීමක් කරන ලෙසත් දැනුම් දුන් පොලිස් අධිකාරීවරයා  ඔවුන් ඊට ප්‍රතිචාර නොදක්වන්නේ නම්  මංමාවත් පනතෙන් අධිකරණයට දන්වා  මේ බව ප්‍රාදේශිය සභා ලේකම්වරයාට එම බාධා ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ගන්නැයිද පැවසීය.

 

එසේම නගරයේ දැඩි වාහන තදබදයකට හේතුවී ඇත්තේ   රත්නපුර දෙස සිට  පැමිණෙන  බස්  නැවතුම හෙයින් එය  ගෝනපිටිය හන්දිය දෙසට ගෙනයාමට ක‍්‍රියා කරන ලෙසද සහකාර පොලිස් අධිකාරීවරයා පොලීසියට උපදෙස් ලබා දුන්නේය.
 
 
කුරුවිට ප්‍රාදේශිය ලේකම් දිලිනි ධර්මදාස මහත්මිය, කුරුවිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඒ.පී.ඒ. කුලතුංග මහතාද මෙහිදී අදහස් දැක්වුහ.
මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු ඩබ්.පී.ජේ.එල්.ජීවන් , පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක ජයවිලාල්  යන මහත්වරුද,  ලංකා විදුලිබල මණ්ඩලය නියෝජනය කරමින් විදුලි ඉංජිනේරුවරයෙක් , මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරු ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.



අදහස් (0)

කුරුවිටට නව රථවාහන සැලැස්මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site