( රොමේෂ් මධුෂංඛ)
ඉන්දියාවේ සිට ගෙන එන ලද රුපියල් ලක්ෂ 120 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 118 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු හා යාත්‍රාවක් යාපනය පේදුරුතුඩුව වෙරළ තීරයේදී උතුරු නාවික විධානය විසින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
පේදුරුතුඩුව ප්‍රදීපාගාරයට සැතපුම් 10ක් දුරින් වූ මුහුදු තීරයේදී උතුරු නාවික විධානයට අයත් විශේෂ යාත්‍රා බලඝණයට අයත් නාවික හමුදා භට පිරිසක් විසින් සිදු කරන ලද සෝදිසියකදී මෙම කේරල ගංජා තොගය රැගත් යාත්‍රාව නිරීක්ෂණය වී ඇති අතර එහිදී ජාවාරම්කරුවන් ධීවරයින් සේ වෙස් වලාගෙන සිට ඇති අතර පසුව නාවික හමුදා නිලධාරීන් විසින් අදාල යාත්‍රාව පරික්ෂා කිරීමේදී මෙම කේරල ගංජා තොගය හමු වී ඇත.
එහිදී ඇසුරුම් 48 ක් කේරල ගංජා කිලෝ 118 ක් තිබී ඇති අතර සැකකරුවන් තිදෙනා යාපනය හා මන්නාරම් ප්‍රදේශයන්හි පදිංචි 32 සහ 36 වයස් සීමාවන්හි පසුවන අතරම අත්අඩංගුවට ගත් සැකකරුවන් හා කේරල ගංජා තොගයත් සමඟ මුහුදු යාත්‍රාවද ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරෙයි පොලීසිය වෙතට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කේරල ගංජා සමඟ පේදුරුතුඩුව වෙරළ තීරයේදී තිදෙනෙක් අත්අඩංගුවට