(රොමේෂ් මධුෂංඛ)
උතුරු මුහුදු තීරයේ නාවික හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 79 ග්‍රෑම් 300ක් ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු මුහුදේ යාපනය වෙත්තලකේනි ප්‍රදේශයේ දී උතුරු නාවික විධානයට අයත් නාවික හමුදා සෙබලුන් පිරිසක් විසින් සෝදිසි මෙහෙයුමක නිරත වෙමින් සිටියදී ධීවරයින් ලෙස ඩිංගි යාත්‍රාවකින් අදාළ කේරල ගංජා තොගය උතුරු මුහුදු සීමාවට රැගෙන එමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට පත්ව ඇත.
එම ඩිංගි යාත්‍රාවේ ධීවර ආම්පන්න ද තිබී ඇති අතර ඉන්දියාවේ සිට අදාළ කේරල ගංජා තොගය උතුරු මුහුදට රැගෙන එන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ කේරල ගංජා තොගය වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා යාපනය සහකාර ධීවර පරික්ෂක කාර්යාලය වෙතට බාර දීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
කේරල ගංජා සමඟ දෙදෙනක් අත්අඩංගුවට