IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කරාපිටිය වෛද්‍යවරු අවදානම් සැත්කමකින් රෝගියකු බේරාගනිති

(ජේ. කේ. එල්. චාමින්ද)
 
උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය ප්‍රසාරණය වී තිබූ පුද්ගලයෙකුට සැත්කමක් කර එම පුද්ගලයාගේ ජීවිතය බේරගැනීමට කරාපිටිය ශික්ෂණ රෝහලේ  රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීම පිළිබඳ විශේෂඥ  ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා ඇතුළු  වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ.
 
මෙම පුද්ගලයා 70 හැවිරිදි වියේ පසුවන්නෙකු බවද, ඔහුගේ උරස් කුහරයේ හා උදර කුහරයේ මහා ධමනිය, මහා ප්‍රාචීරය හරහා සෙන්ටිමීටර් හතක් පමණ ප්‍රසාරණය වී තිබූ බවද උබේසිරි මහතා කීවේය.
 
නහරය පුපුරායාමට ලක්වූවා නම් මෙම පුද්ගලයා අනිවාර්යෙන්ම මියයන බවද  මෙය ඉතා අවදානම් සැත්කමක් බවද මෙවැනි සැත්කමක් දකුණු පළාතේ රෝහලක කළ පළමු අවස්ථාව මෙය බවද ලංකාවේ සිදුකළ සැත්කම් අතුරින් සාර්ථක වී ඇත්තේ  සැත්කම් කිහිපයක් පමණක් බවද  විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා පැවසීය.
 
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුළ මෙකී  ශල්‍යකර්මය කර ඇති අතර ඒ සඳහා පැය 6ක පමණ කාලයක් ගතවී ඇත. 
 
ශල්‍යකර්මයට ලක් වූ රෝගියා මේවනවිට යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

මෙම සැත්කම පිළිබඳව අදහස් දක්වමින් විශේෂඥ ශල්‍ය  වෛද්‍ය රංජුක උබේසිරි මහතා මෙසේ පැවසිය.
 
 “හෘදය වස්තුවෙන් පටන් අරන් අත්වලට හා මොළයට රුධිරය සපයන ප්‍රධාන ධමනියක් තමයි මහා ධමනිය. මේ ධමනිය  උරස්කුහරය හරහා  උදර කුහරයට එනවා. මේ ධමනියෙන් තමයි අක්මාවට, අමාශයට හා ඉතුරු කොටස්වලට රුධිරය සපයන්නේ. ඉන්පසු නහර හරහා මහා බඩවැල් හා වකුගඩුවලට ලේ සපයනවා.  පසුව තමයි පාදවලට බෙදෙන්නේ.
 
මේ පුද්ගලයාගේ උරස්කුහරයේ හා උදර කුහරයේ  මහාධමනිය අනිකුත් නහරත් සමඟ ප්‍රසාරණය වෙලා  තිබුණා මහා ප්‍රාචිරය හරහා. මහා ධමනිය විවෘත කරලා එහි බද්ධ කිරීමක් සිදු කළා. පසුව සුශුම්නාවට යන නහර බද්ධ කළා. බඩවැල්වලට යන නහර බද්ධ කළා.  ඒ සඳහා හෘද හා  උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය  ට්‍රෝලුෂා  හරිස්චන්ද්‍ර මහත්මිය හා රිචඩි පර්මින් වෛද්‍යතුමාත් උදව් කළා”  යැයි රංජුක උඹේසිරි මහතා පැවසීය. 
 
නිර්වින්දන වෛද්‍ය  ගිහාන් පියසිරි මහතා ඇතුළු රුධිරවාහිනී  සහ අවයව බද්ධ කිරීමේ ඒකකයේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය සැත්කමට දායක වූහ. 

(විශේෂඥ  ශල්‍ය වෛද්‍ය රංජුක උබේසිරි මහතා)

 



අදහස් (0)

කරාපිටිය වෛද්‍යවරු අවදානම් සැත්කමකින් රෝගියකු බේරාගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site