සිරංගිකා ලොකුකරවිට සහ ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුගේ සිරුරක් මීපාවල හෝලුවාගොඩ ඇලේ තිබී සොයාගෙන ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මීපාවල පදිංචි එච්.ජී.අමල් ඉන්දික (35) නමැති එක් දරු පියෙකි.
කරාපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ඔහු අතේ සිදුවූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට පසුගිය දිනක රෝහලට ගිය විට ඔහු නේවාසිකව තබාගෙන ප්‍රතිකාර කර ඇති බව ද පොලිසි කියයි.
සඳුදා (12) දහවල් ඔහු රෝහලෙන් අතුරුදන්ව ඇති බව මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
ඔහුගේ සිරුර හෝලුවාගොඩ ඇලේ පාලම අසල තිබී සොයා ගත් බව ද පෝද්දල පොලිසිය පවසයි.
මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අද (13) දහවල් කරාපිටිය රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කරාපිටිය රෝහලේ සිටි රෝගියකුගේ සිරුරක් ඇළකින් සොයා ගනී