(ජේ.කේ.එල් චාමින්ද)
වකුගඩු බද්ධ කිරීමේ විස්මිත සැත්කමකින් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවී සිටි යුද හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජීවිතය බේරාගැනීමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්වූහ.
වකුගඩු බද්ධ කිරීමේ විස්මිත සැත්කම කරනු ලැබුවේ විශ්‍රාමික කර්නල්වරයකු වන මැල්කම් වික්‍රමසිංහ මහතාටය. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ ගැමුණු හේවා බලකායේ වසර 30ක් කාලයක් සේවය කර විශ්‍රාම ලැබු අයෙකි.
පැය දෙකක කාලයක් තුළ දී වකුගඩුව බද්ධ කිරීමේ සැත්කම ඉතා සාර්ථකව කිරීමට වෛද්‍ය කණ්ඩායම සමත්වූහ.
සැත්කමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් වකුගඩුවේ ශිරාව මැදින් පුපුරායාමට ලක්ව රුධිරය වහනයවීමට පටන්ගෙන ඇති අතර එයද වළක්වාලීමට වහා ක්‍රියාත්මක වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම හැකි වී තිබේ.
මෙවැනි තත්වයන් දක්නට ලැබීම ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ අදහසයි. ශිරාව බද්ධ කිරීම නිසා රෝගියාගේ වකුගඩුව යළි ක්‍රියාත්මක තත්වයට පත්ව ඇති අතර ඔහුට ජීවත්වීමට වාසනාව හිමි විය.
දැනට නිරෝගී සුවයෙන් පසුවන යුදහමුදාවේ විශ්‍රාමික කර්නල් මැල්කම් වික්‍රමසිංහ මහතා මෙසේ කීවේය.
‘ ඇත්තටම මම එලොව ගිහින් මෙලොව ආවා. මට කියන්න වචන නැහැ. වෛද්‍යවරු කියන්නේ දෙවිවරු. විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා නොහිටින්නට මගේ ජීවිතය බේරාගැනීමට බැරිවෙනවා. මට යළි ජීවත්වීම සඳහා වාසනාව ලැබුණා. මගේ ජීවිතය බේරාදුන් රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමට මම පිංදෙනවා.
පළමු වතාවට තමයි විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාත් මේ වගේ තත්වයකට මුහුණ දීලා තියෙන්නේ. ඇත්තටම මා දැන් හොද ශරීර සෞඛ්‍ය තත්වයෙන් පසුවෙනවා‘මෙම සැත්කම පිළිබඳව වකුගඩු හා අවයව බද්ධ කිරීමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතාගෙන් අපි කළ විමසුමකදි මෙසේ කීවේය.
'බද්ධ කිරීම සඳහා ගත්තේ වකුගඩුව ලබාදුන් දායිකාවගේ දකුණු වකුගඩුව. වකුගඩු බද්ධ කිරීම සාර්ථිකයි. දැඩි සත්කාර ඒකකයට රෝගියා යොමුකරන්න හිටියේ. නමුත් සුළු වෙලාවකින් රෝගියාගේ උදරය ඉදිමීගෙන ආවා. මේ ගැන වෛද්‍ය සාලිය මට කිවා. ශිරාව මහපු තැන හොඳට තියෙනවා.නමුත් මැදින් පුපුරලා. වකුගඩුවෙන් හා ශිරාවෙන් රුධිරය වහනය වෙනවා. මුලින්ම රුධිරය වහනය කිරීම නතර කළා. වකුගඩුව අයින් කළා. ධමනියෙන් හා ශිරාවෙන් වෙන් කරලා වකුගඩුව අයිනක් කළා. පාදයේ ශිරාවක් ගෙන් එය දෙකට පලා වකුගඩුවේ ශිරාවට බද්ධ කළා' විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා කිවේය.
විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු බද්ධ කිරිමේ ඒකකය තුළ මෙවැනි සැත්කම් 140ක් පමණ සිදුකර ඇත. එහෙත් වෛද්‍යවරයා මෙවැනි අත්දැකීමට මුහුණ දී ඇත්තේ පළමු වතාවටය.

සැත්කමට ලක් වූ විශ්‍රාමික කර්නල්වරයා

(විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා )

සැත්කමේ අවස්ථාවක්
2025 නොවැම්බර් මස 04
840
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2481
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කරාපිටිය රෝහලේ විස්මිත වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්