(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයට ගෙන්වූ රුපියල් කෝටි 10ක් පමණ වටිනා ලීනියා ඇක්සලරේටර් යන්ත්‍රය වසර තුනකට වැඩි කාලයක් භාවිතයට නොගැනීම හේතුවෙන් එහි ඇතැම් කොටස් අක්‍රිය වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ එම යන්ත්‍ර පසුගිය දිනක සවිකර බැලූ අවස්ථාවේ සමහර කොටස්වල ගැටලු ඇති බව දැනගන්නට ලැබුණු බවයි.
යන්ත්‍රය ජර්මනියේ නිෂ්පාදනය කළ එකක් බවද, අකර්මන්‍ය වී තිබෙන කොටස් නැවත පිළිසකර කිරීම සඳහා මව් සමාගමට යැවූ බවද ඔහු කීය.
මෙම යන්ත්‍රය ගෙන්වා වසර තුනක කාලයක් ගතවී ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසුව ද යන්ත්‍රය කරාපිටිය රෝහලට ලැබී ඇත්තේ 2015 වර්ෂයේ ජනවාරි මාසයේ දී බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
කරාපිටිය පිළිකා ඒකකයේ යන්ත්‍රය සවිකළ යුතු ස්ථානයේ පිවිසුම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් එය ගෙන්වා වසර එකහමාරක කාලයකට පසුව ද යන්ත්‍රය සවිකිරීමට නොහැකි වූ බව 2017 අප්‍රේල් මාසයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක දී ද සාකච්ඡා කෙරිණි.
පසුව එම ගැටලුව නිරාකරණය කර යන්ත්‍රය සවිකළ ද වායු සමීකරණ පද්ධතිය යන්ත්‍රයට ගැලපෙන ආකාරයට සකස් කිරීමට නොහැකිවීම හේතුවෙන් තවත් වසර ගණනාවක් මේ යන්ත්‍රය භාවිතයට ගැනීම ප්‍රමාද විය. රෝගීන්ගේ ප්‍රයෝජනයට මෙය ලබා නොදීම පරිපාලනයේ දුර්වලතාවයක් බව ද රජයේ මුදල් අවභාවිතා වීමක් බවට ද කිහිප වතාවක්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වලදී ද සඳහන් කෙරිණ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
කරාපිටියේ පිළිකා ඒකකයේ යන්ත්‍රයක් වසර 3ක් භාවිත කර නැහැ