(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
නාගොඩ තල්ගස්වලවත්තේ ගබඩාවේ තිබූ රුපියල් 1,25,400ක් වටිනා කුරුඳු තොගයක් සොරකම් කිරිමේ සිද්ධියට සම්බන්ද සැකකරුවන් දෙදෙනෙකු සොරකම් කරණු ලැබු කුරුඳු තොගය සමග අත්අඩංගුවට ගත් බැව් නාගොඩ පොලිසිය පවසයි.
මෙකි වත්තේ තිබූ ගබඩාව බිද එහි තිබු කුරුදු කිලෝ 57ක් මොවුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබුණි. පොලිසිය මේ පිළිබද විමර්ශනය කිරිමෙන් පසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් ගල්ළිද ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. සැකකරුවන්ගෙන් කළප්‍රශ්න කිරිමේ දි එක් අයෙකු ගව සොරකම්වලට සම්බන්ද අයෙකු බවද පරික්ෂණ වලදි අනාවරණය වි ඇති අතර සොරකම් කළ ගවයින්ද සොයාගෙන ඇති බැව් පොලිසිය කියයි.
සැකකරුවන් අද (06) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. ගාල්ලදිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ගාල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරහක්මන, සහකාර පොලිස් අධිකාරි 04 උපුල සෙනෙවිරත්න,යන මහත්වරුන්ගේ උපදෙස්මත නාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මක ඩයස්, පොලිස් කොස්තාපල් 37267 රත්නපාල , පොලිස් කොස්තාපල් 73069 විජනේද්‍ර, පො කො .රි 80675 කුමාර යන නිලධාරින් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබිය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුඳු සොරකමට සැකපිට 4 ක් අත්අඩංගුවට