(උපාලි රණවීර)
කිරිඳිවැල කුට්ටිවිල ප්‍රාථමික විදුහලේ හතරවන වසර පන්තිය සඳහා ගුරුවරයකු ලබාදෙන ලෙස ඉල්ලමින් එම විදුහලේ සිසුන්ගේ මව්පියවරු පිරිසක් දොම්පේ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ඉදිරිපියදී අද(09) විරෝධතාවක නිරත වූහ.
මාස 6ක් තිස්සේ මෙම ගුරු ගැටලුවට අදාළ අංශවලින් විසඳුමක් නොලැබුණු බව මව්පියවරු කීහ.
විදුහලේ ගුරුවරුන් සිටින්නේ පස්දෙනෙකු බවත්, ඉන් දෙදෙනෙකු ප්‍රසූත නිවාඩු ලබා ඇති බවත්, 4 වන ශ්‍රේණියේ ගුරුවරයා මාස 6කට පෙර විශ්‍රාම ගෙන ඇති බවත් මව්පියවරු පැවසූහ.
මේ සම්බන්ධයෙන් දොම්පේ කොට්ඨාස කාර්යාලය දැනුම්වත් කර ඇතත් නව ගුරුවරයකු තවම ලබා දී නැතැයි ද දැනට දෙවන වසරේ සහ හතර වසරේ ළමුන් එකම පන්තියක ඉගෙන ගන්නා බවද ඔවුහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් ගම්පහ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කේ.ජීත සිරිවර්ධන මහත්මිය කියාසිටියේ මෑතකදී උපාධි ගුරුපත්වීම් ලැබූ ගුරුවරුන්ගෙන් අයෙකු එම විද්‍යාලයට ලබාදෙන බවයි.

2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිරිඳිවල පාසලකට ගුරුවරයකු ඉල්ලා මව්පියවරු වීදි බසිති