IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කිරිදි ඔයේ දිය නාන්න ගිය අයෙක් කිඹුලෙකුට බිළි

 

 

 

(දිලීප් ජයසේකර)

 

තිස්සමහාරාම නැදිගම්විල ගගසිරිගම ප්‍රදේශයේ දී  කිරිදි ඔයේ දිය නාමින් සිටි 65 හැවිරිදි පුද්ගලයකු කිඹුලෙකුට බිළි විමෙන් අද (28) මියගොස් ඇතැයි වීරවිල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නැදිගම්විල ගගසිරිගම ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි වීරසිංහ ආරච්චිගේ ගාමිණි චන්ද්‍රසේකර නැමති පුද්ගලයෙකි.

අද (28) දහවල් කිරිදි ඔයේ දිය නෑමට ගිය ඔහු දිය නාමින් සිටියදී එකවර කිඹුලෙකු විසින් ඔහුව ඇදගෙන ගොස් තිබේ.

පසුව ගම්වාසින් විසින් පැය එකහමාරක පමණ සෝදිසියකින් පසු කිඹුලාට බිළි වු පුද්ගලයාගේ සිරුර සොයා ගෙන දෙබරවැව රෝහලට රැගෙන ගොස් ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

 



අදහස් (0)

කිරිදි ඔයේ දිය නාන්න ගිය අයෙක් කිඹුලෙකුට බිළි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site