IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


කිරිඉබ්බන්ආර අතුරු මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයාගනි

(ඞී.කේ.රත්න )


තණමල්විල සෙවනගල කිරිඉබ්බන්ආර ලයිට් පාරේ පාලූ ඉඩමක තිබී යුද හමුදාව භාවිතා කරන වර්ගයේ ජීව අත්බෝම්බයක් අද (27) සොයා ගෙන ඇතයි සෙවනගල පොලීසිය පවසයි.


මෙම ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ලබා දුන් දුරකථන ඇමතුමක් අනුව මෙම ජීව අත්බෝම්බය සෙවනගල පොලීසිය විසින් සොයා ගෙන ඇත.


මෙම ජීව අත්බෝම්බය නිෂ්ක‍්‍රීය කිරීම සදහා සෙවනගල පොලීසිය විසින් උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම්දී තිබේ.


කිසියම් පුද්ගලයකු විසින් කිසියම් අපරාධයක් සිදු කිරීම සදහා මෙම ජීව අත්බෝම්බය රැගෙන එන්නට ඇතයි පොලීසිය සැක කරයි.


සෙවනගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමරසිරි මහතාගේ උපදෙස් පරිදි සෙවනගල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.    



අදහස් (0)

කිරිඉබ්බන්ආර අතුරු මාර්ගයක තිබී ජීව අත්බෝම්බයක් සොයාගනි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32001 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14455 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 22 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 283 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site