IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කඹ ඇදිල්ලකින් බෙලිහුල්ඔය සතොස විවෘත කිරීම පමාවේ


(ප්‍රින්ස් රත්නායක)
 
බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ ඉදිකර ඇති පෞද්ගලික ගොඩනැගිල්ල ස.තො.ස. වෙළඳ සැල සඳහා භාරගෙන ඇතත් තවමත් විවෘත කරනොමැති අතර කළමනාකරුවෙකු පත්කරගැනීමට දේශපාලන කඹඇදිල්ලක් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව බොහෝ පිරිස් පවසති .  
 
ගොඩනැගිලි හිමිකරු සමග 2017 ගිවිසුම් අත්සන් කර ඇති අතර   ඉදිකිරීම් සම්පූර්ණකර සතොස ආයතනයට  2018 මාර්තු මාසයේ භාරදී ඇත. 
 
ඒ වෙනුවෙන් මූළික අත්තිකාරමක්  ලබාදී ඇති අතර මාසික කුළියද මාර්තු මාසයේ සිට මේ දක්වා  ගෙවා ඇත.  දේශපාලන මත භේදයක්  පදනම් කරමින් කළමනාකරුවෙකු පත්කර ගැනීමට නොහැකිව පවතින බව බොහෝ පිරිස් පවසන අතර සතොස මෙහෙයුම් කළමනාකාර උදය ජයසිංහ මහත්මා ගෙන් මේ පිළිබඳව විමසීමක් කළෙමු.
 
“ තව මාසයක් වන විට පඹහින්න සතොස විවෘත කළ හැකියි. තවමත් අවශ්‍ය උපකරණ චීනයෙන් ආනයනකර තිබෙනවා. එහි ප්‍රමාදයක් තිබුණත් දැන් එම සැපයුම් අප වෙත ලැබී තිබෙණවා. ඉඳිකටුවක් වත් අපේ රටේ හදන්නේ නැති නිසා අවශ්‍ය උපාංග අපට පිටරටින් ගෙන්වීමට සිදුව තිබෙණවා මේ ශාඛාව සමග තවත්  කීපයක් විවෘත කිරීමට කටයුතු කරනවා. පඹහින්න එහි තිස්වැනි ශාඛාව ඉදිරි සති දෙකතුන ඇතුළත  විවෘත කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවා. යනුවෙන් පැවසීය.” යැයි ඔහු කීවේය.
 
මාස හයකට වැඩි කාලයක් ගොඩනැගිල්ල භාරගෙන විවෘත නොකර කුළි ගෙවීම සම්බන්ධව විමසීමේදී ඔහු කීවේ ගොඩනැගිල්ල ලබා ගත්තානම් කුළී ගෙවිය යුතු බවයි.



අදහස් (0)

කඹ ඇදිල්ලකින් බෙලිහුල්ඔය සතොස විවෘත කිරීම පමාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site