(අනීෂා මානගේ)
කුඹල් කර්මාන්තයේ නිරත වීමේදී ඇති වී තිබෙන ගැටළු වලට විසදුම් ඉල්ලා අද(02) වීරකැටිය - මිද්දෙණිය ප්‍රධාන මාර්ගය යක්ගස්මුල්ල හන්දියේදී අසලදී අවහිර කරමින් කුඹල්කරුවෝ විරෝධතාවයේ නිරත වූහ.
කුඹල් කර්මානතයේ නිරත වන කුඹල්කරුවන්හට අවශ්‍ය මැටි සපයා ගැනීමේදී ගැටළු වලට මුහුණ දීමට සිදුව ඇතැයි විරෝධතාකරුවන් පවසයි. මැටි ප්‍රවාහනය කිරීමේදී පොලිස් නිළධාරින් හා විශේෂ කාර්යය බලකා නිළධාරින් විසින් මැටි ප්‍රවාහනය කරන රථ අත්අඩංගුවට ගන්නා අතර කුඹල් කර්මාන්තයේ නිරත නොවන ඇතැම් පිරිස් මැටි ප්‍රවාහනය කිරීම සදහා බලපත්‍ර ලබා ගෙන ඇතත් ඔවුන්ට අධික මුදලක් ගෙවා මැටි මිළදී ගැනීමට සිදුව ඇති බවද විරෝධතාකරුවන් කියයි.
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උඩුකිරිවිල, යක්කස්මුල්ල, උතුරු බුද්ධියාගම, රළුව, උතුරු කැප්පෙටියාව ග්‍රාම නිළධාරි කොට්ඨාශ වලට අයත් කුඹල් කර්මාන්තයේ නිරත වන පවුල් හාරසිය පනහක පමණ පිරිසක් කර්මාන්තයට අවශ්‍ය මැටි ලබා ගැනීමට නොහැකිව අසරණව වී සිටිති.
ගම්වාසීහු දෙසිය පනහක පමණ පිරිසක් මෙම විරෝධතාවය සදහා සහභාගී විය. විරෝධතාකරුවෝ වීරකැටිය - මිද්දෙණිය මාර්ගය යක්ගස්මුල්ල හන්දිය අසලදී අවහිර කරමින් පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.
වීරකැටිය පොලිස් ස්ථානයේ නිළධාරින් පැමිණ විරෝධතාකරුවන් සමග සාකච්ඡා කර හෙට (03) දිනයේදී ගම්වාසීන්ගේ ගැටළුවට විසදුමක් ලබා ගැනීම සදහා විරෝධතාකරුවන් සමග යළි සාකච්ඡා කිරීමට වේලාවක් යොදාගැනීමෙන් අනතුරුව විරෝධතාකරුවෝ විරෝධතාවය අවසන් කර විසිර ගියහ.


2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඹල් කර්මාන්තයේ ගැටළු වලට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක