IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


කුඹුරු අක්කර 500ක් කීඩෑ වසංගතයෙන් විනාශ වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මෙවර යල කන්නයේ කොට්ටුකච්චිය සහ කච්චිමඩුව ජලාශ යටතේ වගා කළ අස්වැන්න නෙලීමට ආසන්න කුඹුරු අක්කර 500 කට වැඩි ප්‍රමාණයක කීඩැ  වසංගතයට ගොදුරු වීමේන් විනාශ වෙමින් තිබේන බව ගොවිහු පවසති.

වසර හතරකට ආසන්න කාලයක් දැඩි නියගයෙන් පිඩා විදිමින් අන්ත අසරණව කන්න හයකට ආසන්න කාලයක් කුඹුරු වගාව අහිමි වි සිටි කොට්ටුකච්චිය ගොවින් මෙවර දුෂ්කරතා මැද කළ වගාව මෙසේ විනාශ වෙමින් ඇති බව ඔවුහු  පවසති.

පැවති නියඟය නිමා වෙමින් ලැබුණ මහ වැසි සමඟ ගොවින් කුඹුරු වගා කර තිබුණේ මහත් බලාපොරොත්තු තබා ගනිමිනි.

මේ වන විට කොට්ටුකච්චිය කුඹුරු යාය පමණක් නොව කච්චිමඩුව කුඹුරු යායා පුරාත් කීඩැවන් සිඝ්‍රයෙන් ව්‍යාප්තව ඇති බව ගොවීහු පවසති.

 මේ පිලිබඳව අදහස් දැක්වූ  විල්මන් උපාලි ගොවි මහතා

    “අපි මේ වන විට  අන්ත අසරණ වෙලා ඉන්නේ. මොකද මේ කීඩෑ වසංගතයට කෘමිනාශක ඉසින්න එක් අක්කරයකට රුපියල් 20,000 ක් විතර වියදම් කරලා .මේ කරපු වියදමත් එක්ක ගොයම මේ තත්වයට ගෙන්න රුපියල් 60000 ක් විතර වෙනකම් වියදම් කරලා සමහර විට මේ මුදල ඊටත් වඩා වැඩි වෙන්න පුළුවන් වෙයි. හැබැයි ඒ සේරම දැන් වතුරේ ගිහින් මුළු කුඹුරු යායම දැන් කීඩෑ වසංගතයට ගොදුරු වෙලා අපි අන්ත අසරණ වෙලා . නමුත් මේ වෙනකම් බලන්න ඇවිත් නැහැ . පාඩුව අපිම දරා ගන්න වෙලා‘‘ යැයි ඔහු පවසයි.



අදහස් (0)

කුඹුරු අක්කර 500ක් කීඩෑ වසංගතයෙන් විනාශ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31845 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14309 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11171 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 244 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1179 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site