IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඹුක් ලෑලි තොගයක් අත්අඩංගුවට

(මැදිරිගිරිය-චාපා මධුභාෂිණී)
සෝමාවතිය ජාතික වනෝද්‍යානයෙන් කපා ඉරන ලද රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුතු කුඹුක් ලෑලි තොගයක් කොළඹට ප්‍රවාහනය කිරීමට නියමිතව තිබියදී මැදිරිගිරිය පොලිසිය විසින් සැකකරුත් සමග ලෑලි තොගය අත්අඩංගුවට ගෙන ඇත.


කුඹුක් ලෑලි ජාවාරමෙහි නිරත වූ සැකකරු මැදිරිගිරිය යාය 7 අක්කරබාගය ප්‍රෙද්ශයේ පදිංචි විවාහක එක්දරු පියෙකු බව පොලිසිය කියයි.


මෙම සැකකරු පසුගිය 09 වන දින සෝමාවතිය ජාතික වනෝද්‍යානයෙන් මෙම කුඹුක් ගස් තොගය කපා ලෑලි වශයෙන් රැගෙවිත් තම නිවෙස පිටිපස සගවා තිබියදී මැදිරිගිරිය පොලිසියට ලද තොරතුරක් මත පොලිසිය විසින් සැකකරු සහ ලෑලි තොගය අත්අඩංගුවට ගෙන ඇත.


මොහු මෙම ලෑලි තොගය කොළඹ ප්‍රෙද්ශයේ පුද්ගලයෙකුට අලෙවි කිරීමට සිටි බවත්. ඒවා සුපෝකභෝගී නිවෙස්වල බිම ඇතිරීම සඳහා අවශ්‍ය ආකාරයට ලෑලි වශයෙන් සකස් කර ඇති බවට පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු ලබන 14 වන දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් මැදිරිගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (1)

කුඹුක් ලෑලි තොගයක් අත්අඩංගුවට

piyal Saturday, 11 August 2018 01:39 PM

කුඹුක් ගස් කපනවා. අල්ලනවා. ඒ වුනාට ලොකු ලොකු මිනිස්සු මේ තහනම් කුඹුක් ලෑලිම හොයනවා. මොකක්ද මේකේ තේරුම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site