IMG-LOGO

කුඹුක්ගැටේ වැටලීම් වලින් ලක්‍ෂ 25 ක ආදායමක්

(සම්පත් සෙනවිරත්න සහ ශිවා බණ්ඩාර)

කුඹක්ගැටේ පොලිස් වසම තුළ ගෙවුණු මාස 6 ක කාලයක දී කළ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පමණක් රජයට රුපියල් විසිපන්ලක්‍ෂ හැත්තෑපන්දහසක (2575000) මුදලක් උපයා දුන් බව කුඹුක්ගැටේ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයන්ත ගමගේ මහතා පවසයි.

පසුගිය 29 දින කුඹක්ගැටේ පොලිස් ස්ථානයේ පැවති ප්‍රජා පොලිස් මව්කමිටු රැස්වීමේ දී ජයන්ත ගමගේ මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.

මෙම රැස්වීමට ඉහළ දොළොස්පත්තුවේ උප ප්‍රධාන සංඝනායක කුඹුක්ගැටේ කසාගල රජමහා විහාරාධිපති මැල්සිරිපුර විමලරතන හිමියන් , ග්‍රාම නිලධාරීන් , සිවිල් ආරක්‍ෂක කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර එහිදී කරුණු ඉදිරිපත් කරමින් පොලිස් පරීක්‍ෂක ජයන්ත ගමගේ මහතා පැවසූයේ කසිප්පු , ගෝඩා , ගංජා , හෙරොයින් , මත්ගුලි , මත්පෙති ඇතුළු මත්ද්‍රව්‍ය වැටලීම් වලින් පමණක් මෙම මුදල අය වූ බවයි.

ගොකරැල්ල පොලීසිය යටතේ පොලිස් මුර පළක්ව පැවති කුඹුක්ගැටේ මුරපළ  පොලිස් ස්ථානයක් ලෙස ආරම්භ කරන ලද්දේ පසුගිය 2016.10.16 දිනය. එහි ආරම්භක ස්ථානාධිපති ලෙස පත්වූ  තමන් ප්‍රදේශය පුරා දිවා රාත්‍රී අඛණ්ඩව සිදුකල මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් සඳහා කුඹුක්ගැටේ පොලීසියේ සේවය කරන සියලු නිලධාරීන් උපරිම කැපවීමෙන් සහයෝගය දුන් අතර ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ජනතාව ද සැමවිටම නිවැරදි තොරතුරු ලබාදෙමින් දුන් සහාය ඉතාමත් ප්‍රශංසනීය බව ද එහිදී පොලිස් පරීක්‍ෂක ජයන්ත ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



අදහස් (1)

කුඹුක්ගැටේ වැටලීම් වලින් ලක්‍ෂ 25 ක ආදායමක්

ජයන්ත Tuesday, 16 May 2017 06:42 AM

එතකොට මඩගල්ල පාරේ අයිනේ ඉඳල රියදුරන්ගෙන් පගාව කීයක් ගත්තද.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 130 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 402 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site