(කාංචන කුමාර ආරියදාස)
සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශවයේ අනුනායක රංගිරි දඹුලු රජමහ විහාරස්ථ රංගිරි පාය විහාරාධිපති කුඹුක් කඳන්වල නන්දවිමල අනු නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුලු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් රංගිරි දඹුලු රජ මහා විහාරස්ථ ආදාහන මළුවේ දී අද (30 ) පස්වරුවේ සිදු කෙරිණි.
පසුගියදා උන්වහන්සේ හදිසියේ ඇතිවූ රෝගාබාධයක් හේතුවෙන් අපවත්වී වදාළහ.
උන්වහන්සේගේ දේහය රංගිරි පාය රජමහ විහාරස්ථානයේ තැන්පත් කොට තිබුණු අතර අවසාන ගෞරව දැක්වීමෙන් පසු දේහය දඹුල්ල නගර මධ්‍යය රථ පෙරහැරකින් විහාර හන්දියේ පිහිටි ආදාහන මලුවට වඩම්මවන ලදී.
රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නා හිමියන් ගේ සහ රංගිරි දඹුලු රජමහා විහාර භාරකාර සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ උප ප්‍රධාන සංඝනායක අඹගස්වැවේ රාහුල නාහිමියන්ගේ අනුශාසනා හා ආගමික වතාවත් කිරීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ශෝක පණිවිඩ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපවත්වී වදාළ කුබුක්කඳන්වල නන්දවිමල අනුනාහිමියන්ගේ දේහය තැන්පත් කොට තිබූ චිතකයට ගිනි දල්වන ලදී.
මෙම අවස්ථාවට බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිටපු අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන් රෝහණ දිසානායක දඹුල්ල එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක ප්‍රියාන් විජේරත්න යන මැති ඇමැතිවරු ඇතුළු විශාල ජනතාවක් එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඹුක්කඳවල අනුනාහිමියෝ දැයෙන් සමුගනිති