IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොම්පෝස්ට් ව්‍යාපෘතියකට විරෝධය දක්වා අලවතුගොඩ ප්‍රදේශවාසීහු සත්‍යග්‍රහයක

(මොහොමඩ් ආසික්)

අකුරණ ප්‍රාදේශීය සභාව මගින් අලවතුගොඩ යහලුගහවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන කොම්පෝස්ට් ව්‍යාපෘතියක් හේතුවෙන් තමන්ට දැඩි පාරිසරික මෙන්ම සෞඛ්‍යමය ගැටළුවලට මුහුණ දීමට සිදුව තිබෙන බව ප්‍රකාශ කරමින් එම ප්‍රදේශයේ ජනතාව කොම්පෝස්ට් ව්‍යාපෘතියට විරුද්ධව සත්‍යග්‍රහයක නිරතව සිටිති.

පවුල් 200 ක පමණ ජනතාවක් ජීවත්වන මෙම ප්‍රාදේශයේ මෙම කොම්පෝස්ට් ව්‍යාපෘතිය පවත්වාගෙන යාම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවත් දරුවන්ට අධ්‍යාපනය ලැබිය නොහැකි බවත් ඥාතියෙකු හෝ හිතවතෙකු තම  නිවසකට ගෙන්වා ගැනීමටවත් නොහැකි වී ඇති බවත් ඔවුහු සඳහන් කරති.

කොම්පෝස්ට් ව්‍යාපෘතිය බව පවසමින් රැගෙන එනු ලබන කසලවලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් කොම්පොස්ට් නිපදවීම සඳහා යොදා ගන්නා බවත් ඉතිරි කසල සියල්ල එම ස්ථානයේ  කුණු වී ප්‍රදේශය පුරා දුගඳ පැතිරෙමින් තිබෙන බවත් විවිධ රෝගී තත්වයන් කුඩා දරුවන්ට වැළඳෙන බවත් ඔවුහූ කියති.

මෙම කසල නිසා ප්‍රදේශයේ තිබූ පෙර පාසැල  වැසී ගිය බවත් ළිං  කිහිපයකට අප ජලය මුසු වීම හේතුවෙන් වැසී ගිය බවත් ඔවුහූ කියති.මේ වන විට සත්‍යග්‍රහයට එක්ව සිටින පිරිස් විසින් කොම්පෝස්ට් ව්‍යපෘතිය සඳහා කසල රැගෙන එන ට්‍රැක්ටර් රථ ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව අවහිර කර ඇති බැවින් කසල රැගෙන වාහනවලට ඇතුළු වීමට නොහැකි තත්වයක්ද උදා වී තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර මෙම ගැටළුව සාමකාමීව විසඳා ගැනීම සඳහා අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති අයි.එම්.ඉස්තිහාර් උප සභාපති සරත් අමරකෝන්  යන මහත්වරුන් සමඟ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් සහ සභා නිලධාරීන් මෙන්ම අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුසන්ත ඒකනායක ඉලංගසිංහ  මහතාද මෙම ස්ථානයට පැමිණ විරෝධතාවයේ යෙදී සිටින  ජනතාව සමඟ සාකච්ඡා කළහ.

මෙහිදී ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කළේ, මෙම ස්ථානය කසල දැමීම සඳහා කිසිසේත්  සුදුසු ස්ථානයක් නොවන බවත්  මෙම ස්ථානයේ කසල බැහැර කිරීම වහාම නැවැත්විය යුතු බවත්ය.

මේ සම්බන්ධයෙන් අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති අයි. එම්.ඉස්තිහාර් මහතා මෙහිදී සඳහන් කළේ, යහලුගහවෙල ප්‍රදේශයේ මෙම ස්ථානයේ පවත්වාගෙන යන්නේ කුණු වළක් නොව කොම්පෝස්ට් ව්‍යපෘතියක් බවත්  ඒ සඳහා මධ්‍යම රජය රුපියල් කෝටියකට වැඩි මුදලක් වැය කර තිබුණත්  මෙම ස්ථානයේ යම් ගැටළුවක් පවතින බැවින් එම ගැටළු විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ඔහු කීය.

මෙම රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් බැවින් ව්‍යපෘතිය නවතා  දැමීමට තමාට නොහැකි බවත් මෙම ස්ථානය දැකුම්කළු හා පරිසර හිතකාමී ස්ථානයක් වශයෙන් මාස තුනක් ඇතුළත සකස් කරන බවත් කීය.

කොම්පොස්ට් නිපදවීම සඳහා යොදා ගන්නා කසල පමණක් මෙහි රඳවා තබා ගැනීමටත් අනෙකුත් සියලු අපද්‍රව්‍ය සති දෙකක් ඇතුළත මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා මෙහිදී පැවැසීය.

කෙසේ නමුත් මෙම විසඳුමට ප්‍රදේශවාසීන් එකඟ නොවු බැවින් ඔවුහු තම සත්‍යග්‍රහය තව දුරටත් පවත්වාගන යාමට පියවර ගත්හ.

 



අදහස් (0)

කොම්පෝස්ට් ව්‍යාපෘතියකට විරෝධය දක්වා අලවතුගොඩ ප්‍රදේශවාසීහු සත්‍යග්‍රහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site