යාල පලටුපාන යුද හමුදා ගොවිපළට යාබදව, පැණි කොමඩු කොරටුවක මුවමස් වේලමින් සිටියදී වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කළ සෙබළාට, වරද පිළිගැනීමෙන් පසු රුපියල් 30,000ක දඩයක් ගෙවන ලෙස දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් කාංචනමාලි සුසන්තා ගුණසේකර මහත්මිය අද(04) නියෝග කළාය.
මෙසේ දඩ මුදල් නියම වූයේ නොචිචියාගම, තුලානේ පදිංචි ගන්නොරුවේ විරිඳුකාර ගෙදර ප්‍රසාද් ප්‍රදීප්කුමාර නැමති හමුදා සෙබළෙකුටය.
යාල වනෝද්‍යාන සීමාවට මායිම්ව වන සංරක්ෂණ රක්ෂිත ප්‍රදේශයේ යුද හමුදාව පවත්වාගෙන යන ගොවිපොළට යාබදව, කොමඩු ගොවිපොළක වාඩියක මුව මස් වේලමින් සිටියදී ඉකුත් 27 දා වනජීවී නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
වේළන ලද මස් කිලෝ 2ක් සහ අමු මුව මස් කිලෝ 2ක් නිලධාරීන් බාරයට ගෙන ඇත.
මෙම ගොවිපොළ පවත්වාගෙන යන මුවාවෙන් පසුගිය කාලය තුළ සැකකරු වන සතුන් දඩයම් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වනජීවී නිලධාරීහු විමර්ශනය කරමින් සිටිති.
යාල උද්‍යානයේ දෙවන නිලධාරී ජ්‍යෙෂ්ඨ අඩවි ආරක්ෂක රංජිත් සිසිර කුමාර මහතා සැකකාර සෙබළ අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොමඩු කොරටුවේ මුවමස් වේලමින් සිටි සෙබළාට දඩ